දක්ෂතම ක්‍රීඩකයා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලෙන් – ස්ටබ්ස් කුසලාන බොක්සිං තරගාවලිය

57

කොළඹ රාජකීය විද්‍යාලයීය “මාස්” බොක්සිං පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරුණු 106 වැනි “ස්ටබ්ස් කුසලාන” බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල නියෝජනය කළ වයි.වී.එම්. ප්‍රේමරත්න (කිලෝ ග්‍රෑම් 56 – 60 බර පංතිය) සම්මාන ලැබීය.

මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ එස්.පී.පී. ඇන්ජලෝ (කිලෝ ග්‍රෑම් 46 – 49 බර පංතිය) මෙවර තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස තිළිණ ලැබීය.

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමයේ සහයෝගය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙවර තරගාවලිය මෙහෙයවන ලද අතර එහිදී “ස්ටබ්ස් කුසලාන” ශූරතාව මෙන්ම “සමස්ත ලංකා පාසල් ක්‍රීඩා” උළෙලේ බාලක බොක්ෂිං ශූරතාව දිනා ගැනීමට මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයට හැකියාව ලැබිණි. රන් පදක්කම් 04 ක් රිදී පදක්කම් 02 ක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත ශූරතාව තහවුරු කර ගැනීමට ශාන්ත සිල්වෙස්තර විදුහල සමත් වීම කැපී පෙණුනි. මෙවර සමස්ත අනු ශූරතාව කඩුගන්නාව ජාතික පාසල තහවුරු කර ගත් අතර මහනුවර ත්‍රිත්ව විදුහලට තෙවන ස්ථානය හිමි විය.

කඩුගන්නාව ජාතික පාසල රන් පදක්කම් 02 ක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගන්නා අතර වාරයේ දී මහනුවර ත්‍රිත්ව විදුහලට රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් හිමි විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment