කිරි බොමින් සිටි බිළිඳා ප්‍රාණ ඇපයට ගෙන මව කෙළෙසූ නරුමයෝ තිදෙනා රිමාන්ඩ්

216

පූගොඩ පොලිස් වසමේ පැපිලියවල ප්‍රදේශයේ නිවසකට ඇතුළුවූ තරුණයන් තිදෙනෙකු සිය බිළිඳාට කිරි පෙවමින් සිටි කාන්තාවගෙන් බිළිඳා උදුරාගෙන ප්‍රාණ ඇපයට තබා ගනිමින් ඇය බරපතළ ලිංගික අපයෝජනයට පත් කෙළේයැයි චෝදනාමත අත්අඩංගුවට ගන්නා ලද තරුණයන් දෙදෙනා පූගොඩ මහේස්ත්‍රාත් විශාන් ඒකනායක මහතා හමුවට පැමිණවීමෙන් පසුව ලබන 08 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කළ අතර ඉකුත් 27 දින පූගොඩ පොලිසියට බාරවූ තුන්වන සැකකරුව පූගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රානී පයාගල බණ්ඩාර මහත්මිය ලබන 08 දින දක්වා රක්‍ෂිත බන්ධනා ගාර ගකරනු ලැබුවාය.

මෙසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ එම නිවස අසලම කුලී නිවසක පදිංචි දේවපුර දේවගේ නුවන් . සමීර ලක්ෂාන් නොහොත් කඩ්ඩා සහ චූලා නැමැති තරුණයන් තිදෙනෙකි.

මෙම තරුණයන් තිදෙනා ඉකුත් 24 දින මෙම නිවසට ගොස් එම නිවසේ වෙසෙන තරුණ මව කිරිපොවමින් සිටි සිව් මස් වයැසැති සිඟිති දරුවා උදුරා ගනිමින් ප්‍රාණ ඇපයට තබාගෙන කෑගැසුවොත් සිඟිත්තා පොළවේ ගසා මරාදමන බවට තර්ජනය කර එම කාන්තාව ලිංගික අපයෝජනයට ලක් කළේයැයි කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි.

පුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. සුරේස් ද සිල්වා මහතාගේ උපදෙස් මත උ්‍ර.පො.ප. දිසානායක පො.සැ. 69347 රොෂාන් මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.
පූගොඩ – සරණපාල නුවරපක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment