ඩෙල්ෆ්ට් පංච ඝාතනය මැද තුවාල ලැබූ අනිත් කාන්තාවත් මියයයි

208

යාපනය නෙඩුන්තිව් ප්‍රදේශයේ සිදුවූ පස් පුද්ගල ඝාතනයෙන් අනතුරුව තුවාල ලබා සිටි වයස අවුරුදු 100ක් පමණ වන වයෝවෘද්ධ කාන්තාව ඉකුත් 27දා ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඉකුත් 22 දා නෙඩුන්තිව් ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයක් යොදාගනිමින් පුද්ගලයකු විසින් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කර තිබූ අතර ඉන් පුද්ගලයන් පස්දෙනකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබිණි. එහිදී එක් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර එම කාන්තාව ද මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව අදාළ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයන් 06 දෙනාම මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇත. කාන්තාවන් සිව්දෙනකු හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු මෙසේ ඝාතනයට ලක්ව තිබේ. මෙම ඝාතනයන්ට සම්බන්ධ සැකකරු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මුලතිව් – ප්‍රසන්න ප්‍රදීප්

advertistmentadvertistment
advertistmentadvertistment