චීනයෙන් අලුත් තෙල් පිරිපහදුවක් ෂෙඩ් 150ක් – චීන තානාපති මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට කියයි

124

ශ්‍රී ලංකාවේ ස්ථාපිත බොරතෙල් පිරිපහදුව හැටේ දශකයේ ස්ථාපිත එකක් බවත් නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක් ස්ථාපිත කොට ඉන්ධන පිරවුම්හල් 150ක් මෙරට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් දිනකට බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි අතිනවීන පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන්ග් (Qi Zhenhong) මහතා සඳහන් කරයි.

මහනුවරට පැමිණි චීන තානාපතිවරයා 27 වැනිදා පස්වරුවේ සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් හා මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් හමුවේ මේ බව සඳහන් කළේය.

චීන ආයෝජනයක් වශයෙන් එම පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කළ පසු මෙරට ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවන බව ද තානාපතිවරයා කීවේය.

චීනය විසින් ශ්‍රී ලංකාවේ ඩොලර් මිලියන 120ත් 140ත් අතර ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති බවත් එමගින් මෙරට තරුණයන් සඳහා රැකියා අවස්ථා විවෘත වන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී පෙන්හොන්ග් මහතා වැඩිදුරටත් පැවසීය.

ලලන්ත වන්නිආරච්චි – පේරාදෙණිය

advertistmentadvertistment
advertistmentadvertistment