රට ගොඩ නගන ඕනෑම කෙනකුට සහාය දෙනවා – දළදා වඳින්න පැමිණි මහින්ද කියයි

148

රට ගොඩගැනීම සඳහා කටයුතු කරනු ලබන ඕනෑම අයකුට සහාය දක්වන බව ද වර්තමාන රජය මගින් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම අරමුණ වන බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28 දා) මහනුවරදී සඳහන් කළේය.

ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වන්දනාමාන කර ගත් රාජපක්‍ෂ මහතා ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්ව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් එසේ කීවේය-

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වර්තමානයේ රටේ පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව හා එය විසඳීම සඳහා වර්තමාන රජයට සහාය දක්වන බවය.

ජනතාව එකමුතුව කටයුතු කළ යුතු යැයි ද ඔහු කීවේය. ජනතාවද අවංකව කටයුතු කරමින් රට මේ පවතින තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා ක්‍රියා කළ යුතු යැයි ද හෙතෙම පැවසීය.

ඉදිරියේදී තනතුරු ලබා ගන්නේ යැයි ද විමසා සිටීමේදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ රට ගොඩගැනීම සඳහා කටයුතු කරනු ලබන ඕනෑම අයකුට සහාය දක්වන බවයි. ශ්‍රී දළදා මාලිගාවට මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද පැමිණ සිටින අයුරු දක්නට ලැබුණි.

ලලන්ත වන්නිආරච්චි – පේරාදෙණිය

advertistmentadvertistment
advertistmentadvertistment