මහාධිකරණය දුන් මරණ දඬුවම අභියාචනාධිකරණය ස්ථීර කරයි: එකම පවුලේ අයිය මලෝ 3ක් පෝරකයට

695

නීති විරෝධි මත්පැන් අලෙවි කරන බවට පොලිසියට පැමිණිලි කළේ යැයි කියන සිද්ධියක් මුල්කර ගෙන සිය ඥාතියෙකු කපා කොටා ඝාතනය කොට ඔහුගේ පියාට ගල්වලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනාවලට වරදකරුවන් කරමින් එකම පවුලේ සහෝදරයන් තිදෙනෙකුට කුරුණෑගල මහාධිකරණය විසින් ලබාදී තිබූ මරණීය දණ්ඩන නියෝගයක් ස්ථීර කරමින් අභියාචනාධිකරණය තීන්දුවක් නිකුත් කළේය.

කුරුණෑගල පුර්වගාමි මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් 2019.8.2 වැනිදා ලබාදී තිබූ එකී මරණීය දණ්ඩන නියෝගයට එරෙහිව ගොනු කර තිබූ එම ප‍්‍රතිශෝධන අයැදුම්පත් විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු හා සම්පත් අබේකෝන් යන විනිසුරු ම`ඩුල්ල එකී එම තීන්දුව ප‍්‍රකාශයට පත් කළේය.

2015.4.11 වැනිදා පොල්ගහවෙල පොහොරවත්ත ප‍්‍රදේශයේදී නිශ්ශංක විජේවීර නමැත්තාගේ ගෙල හිසින් වෙන්වන තරමට කපා දමා ශරීරයේ ස්ථාන 17 කට කැපුම් තුවාල සිදුකර ඔහුගේ පියා වන බී. ජී. ආරියදාස නමැත්තාට ගල්වලින් ගසා බරපතළ තුවාල සිදු කිරීම ඇතුළු අධිචෝදනා යටතේ විත්තිකරුවන් සිවුදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවක් විභාග කළ කුරුණෑගල පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරිය මුල් විත්තිකරුවන් තිදෙනාට මරණ ද`ඩුවම නියම කොට සිව්වන විත්තිකරු නිදොස් කොට නිදහස් කර තිබිණි.

මරණකරුගේ නිවස අසල පිහිටි නිවසක පැවැති මල්වර උත්සවයකට සහභාගි වීමට පැමිණ තිබූ විත්තිකරුවන් බීමත්ව තුවාල කරුගේ වෙළෙඳ සලට ගොස් තර්ජනාත්මකව කටගැස්ම (බයිට්) ඉල්ලා ඇති බවත් ඉන් බියට පත් තුවාලකරු වෙළෙඳ සල වසා නිවසට යන අවස්ථාවේදී ඔහුට ගල්වලින් ගසා බරපතළ තුවාල සිදුකර ඇති බවත් පැමිණිල්ලෙන් කියැවිණි. සිය පියා බරපතළ තුවාල ලබා බිම වැටී සිටියදී ඔහු බේරා ගැනීමට ගිය මරණකරු එලෙස අමානුෂික ලෙස කපා කොටා තිබූ විත්තිකරුවන් ඔහුව රෝහලට රැුගෙන යෑමට පැමිණ තිබූ ති‍්‍රරෝද රථයට ද පහරදී තුවාලකරු රෝහලට රැුගෙන යාම ප‍්‍රමාද කර තිබිණි. තුවාලකරුවන් රෝහලට ගෙන ගිය පසු මරණකරුගේ නිවසට පැන රූපවාහිනි යන්ත‍්‍ර ඇතුළු භාණ්ඩ කඩා දමා බරපතළ හානි සිදුකර තිබූ බවද පැමිණිලේල් සාක්‍ෂි විභාගයේදී අනාවරණය වී තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර නීතිඥ නෙරංජන් ජයසිංහ හා ජනාධිපති නීතීඥ පාලිත ප‍්‍රනාන්දු යන මහත්වරු පෙත්සම්කාර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment