ආසියානු සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය තෝරයි

101

මෙම මස 18 සහ 19 යන දෙදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ක‍්‍රියාත්මක කෙරෙන ආසියානු සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියට සහභාගි කරවන ශ‍්‍රී ලංකා පිරිමි කණ්ඩායම තෝරා ගැනීම උදෙසා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් සංචිතයක් පුහුණුව සඳහා කැඳවා තිබේ.

 ඒ අනුව ක‍්‍රියාත්මක කර ඇති පුහුණු සංචිතයේදී ප‍්‍රදර්ශනය කරන දක්ෂතා පදනම් කර ගනිමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අවසන් ක‍්‍රීඩකයින් 12 දෙනා නම් කිරීමට අසෝක ජයසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ‍්‍රී ලංකා රග්බි පාපන්දු තේරීම් කමිටුව කටයුතු කරගෙන යයි.

 පසුගිය සති අන්තයේ කොළඹ තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත‍්‍ර බළකා මූලස්ථාන ක‍්‍රීඩාංගණයේදී පවත්වන ලද ‘‘වොරියර් අභියෝග කුසලාන’’ සත් සාමාජික රග්බි පාපන්දු තරගාවලියේදී ප‍්‍රදර්ශනය කරන ලද දක්ෂතා පදනම් කර ගනිමින් මෙවර සත් සාමාජික සංචිතයට ක‍්‍රීඩකයින් 20 නම් කර තිබේ.

 අගනුවර සී. එච්. ඇන්ඞ් එෆ්. සී. ක‍්‍රීඩා සමාජයේ සැමුවෙල් ඔගෙබෙබොර්, හිරන්ත පෙරේරා, කුෂාන් ඉඳුනිල්, රීසා රෆයිඞීන් සහ ජනිදු ඩිල්ෂාන් පොලිස් ක‍්‍රීඩා සමාජයේ සචිත් සිල්වා, නිරෝෂන් සිල්වා, වගීෂ වීරසිංහ සහ සුරංග කසුන් යුද හමුදා ක‍්‍රීඩා සමාජයේ සුධාරක දික්කුඹුර, නාලක මධුරංග සහ ලසන්ත කුමාර ගුවන් හමුදා ක‍්‍රීඩා සමාජයේ නුවන් පෙරේරා, ඉෂාර මධුෂාන්, රමිත් ද සිල්වා අංජුල හෙට්ටිආරච්චි නාවික හමුදා ක‍්‍රීඩා සමාජයේ අධීෂ වීරතුංග, කාංචන රාමනායක, චතුර සෙනෙවිරත්න සහ නිශෝන් පෙරේරා එම ක‍්‍රීඩකයින් වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment