කඹ අදින්න හෙට ගාල්ලට එන්න

99

19 වන ජාතික කඹ ඇදීමේ ශූරතා තරගාවලිය – හෙට (16 වැනිදා) පෙරවරු 06.00 සිට පස්වරු 06.00 දක්වා ගාල්ල පාපන්දු ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට ජාතික කඹ ඇදීමේ සම්මේලනය අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

මේ සඳහා සම්මේලනයේ ලියාපදිංචි වී ඇති ක්‍රීඩා සමාජ සහ පාසල් ක්‍රීඩා සමාජ සහභාගි වීමට නියමිතය.

මෙම තරගාවලිය ජාත්‍යන්තර නීති රීතිවලට අනුකූලව කාණ්ඩ 08 ක් යටතේ බර පංතිය සහ වයස් කාණ්ඩ අනුව මෙන්ම එළිමහන් සහ ගෘහස්ථ වශයෙන් ද තරග පැවැත්වීමට ජාතික කඹ ඇදීමේ සම්මේලනය තීරණය කර තිබේ.

මෙවර තරගාවලිය සඳහා පාසල් කණ්ඩායම් රැසක් පළමුවරට ඉදිරිපත් වී තිබේ. එදින තරගාවලියේ තරග පැවැත්වීමට නියමිත කාණ්ඩ පහත දැක්වේ.

  1. ජ්‍යෙෂ්ඨ පිරිමි කිලෝ ග්‍රෑම් 640 බර පංතිය.
  2. ජ්‍යෙෂ්ඨ කාන්තා කිලෝ ග්‍රෑම් 560 බර පංතිය.
  3. වයස අවුරුදු 23 න් පහළ පිරිමි කිලෝ ග්‍රෑම් 600 බර පංතිය.
  4. වයස අවුරුදු 23 න් පහළ කාන්තා කිලෝ ග්‍රෑම් 500 බර පංතිය.
  5. පාසල් පිරිමි වයස අවුරුදු 15 – 19 ත් අතර කිලෝ ග්‍රෑම් 480 බර පංතිය.
  6. පාසල් කාන්තා වයස අවුරුදු 15 – 19 ත් අතර කිලෝ ග්‍රෑම් 460 බර පංතිය.
  7. කැච් වේට් පිරිමි බර සීමාවක් නොමැති
  8. කැච් වේට් කාන්තා බර සීමාවක් නොමැති.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment