කාගිල්ස් ඔන්ලයින් LANKAQR සමග එක් වූ පළමු e-commerce සේවාව බවට පත් වේ

245
ප‍්‍රභූ මාධවන් මහතා – විධායක අධ්‍යක්ෂ, කාගිල්ස් බැංකුව, රොෂාන් දිල්රුක් මහතා – මෙහෙයුම් කළමනාකරු, කාගිල්ස් ඔන්ලයින්, අසංක මහානාම මහතා – ජ්‍යෙෂ්ඨ කළමනාකරු – තොරතුරු තාක්ෂණය, කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම, නාමල් රාජපක්ෂ මහතා – තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යතුමා සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, යොහාන් සැමුවෙල් මහතා – බෙදාහැරීම් නියෝජිත, කාගිල්ස් ඔන්ලයින්, ඞී. කුමාරතුංග මහතා – සහකාර අධිපති, ශ‍්‍රී ලංකා මහා බැංකුව, අසෝක පිරිස් මහතා – කළමනාකාර අධ්‍යක්ෂ, කාගිල්ස් රීටේල්, කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම, සංජීව පේ‍්‍රමවර්ධන මහතා – ප‍්‍රධාන කළමනාකරු, තොරතුරු තාක්ෂණය, කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම ඡායාරූපයෙන් දැක්වේ.

කාගිල්ස් ඔන්ලයින්, සිය පාරිභෝගිකයන්ට ලබා දෙන සේවා පහසුකම් වඩාත් වැඩිදියුණු කරමින් ගෙවීම් සඳහා LANKAQR සමඟ එක් වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම සහ දැනට පවතින එකම ඉලෙක්ට්‍රොනික වාණිජ්‍ය වේදිකාව බවට පත්ව වෙයි.

LANKAQR යනු ශ‍්‍රී ලංකාවේ සියලූම QR කේත සහ QR කේත පදනම් කරගත් ගනුදෙනු ප‍්‍රමිතිගත සහ අන්තර් ක‍්‍රියාකාරී බව සහතික කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද ව්‍යාපෘතියකි.

කෙතරම් අවස්ථාවන් ගණනක් අපි අන්තර්ජාලයෙන් ඇනවුම් කරන සිල්ලර වෙළෙඳ භාණ්ඩ අපිට නො ලැබී තිබෙනවා ද? මෙම ගැටලූව විසඳීම සඳහා කාගිල්ස් ඔන්ලයින්, dark store සංකල්පය හඳුන්වා දෙමින් ශ‍්‍රී ලංකාවේ සිල්ලර වෙළෙඳ භාණ්ඩ සැපයුම් දාමයේ විප්ලවීය වෙනසක් ඇති කරන ලදී. කාගිල්ස් ඔන්ලයින් විසින් නැවුම් නිෂ්පාදන පෙළක් පිරිනමන අතර, පාරිභෝගිකයින්ට අවශ්‍ය සිල්ලර භාණ්ඩ මිනිත්තු 2කට අඩු කාලයකින් පහසුවෙන් ඇණවුම් කර, කිසිදු අපහසුතාවයකින් තොරව ගෙන්වා ගැනීමේ හැකියාව පවතී. පළපුරුදු බෙදාහැරීමේ නියෝජිතයන් භාණ්ඩ බෙදාහැරීමේ කාර්යය ඉතාමත් කාර්යක්ෂමව සිදු කරනු ලැබේ. සෑම විටම පාරිභෝගිකයන්ට ඉහළම සේවාවක් ලබා දීමට පාරිභෝගික සේවා කණ්ඩායම කටයුතු කරයි. LANKAQR සේවා පහසුකමට අමතරව, භාණ්ඩ ලැබුණු පසු මුදල් හෝ කාඞ්පත් මගින් ගෙවීමේ පහසුකම සහ ඔන්ලයින් ක‍්‍රමයට ගවීමේ පහසුකමද කාගිල්ස් ඔන්ලයින් විසින් සලස්වා දී තිබේ. කාගිල්ස් ඔන්ලයින් වෙත ඇන්ඩ්‍රේයිඞ් සහ iOS දුරකථනයන් හි ඇති යෙදුම (app) හරහා සහ https://cargillsonline.com/ වෙබ් අඩවිය හරහා ප‍්‍රවේශ විය හැක.

කාගිල්ස් ඔන්ලයින් LANKAQR සමග එක් වූ පළමු e-commerce සේවාව බවට පත් වේ

සෙනරත් බණ්ඩාර මහතා – කළමනාකාර අධ්‍යක්ෂ / ප‍්‍රධාන විධායක නිලධාරී, කාගිල්ස් බැංකුව, රන්ජිත් පේජ් මහතා – උප සභාපති /සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී, කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම, ඞී. කුමාරතුංග මහතා – සහකාර අධිපති, ශ‍්‍රී ලංකා මහා බැංකුව, අජිත් නිවාඞ් කබ්රාල් මහතා – අධිපති, ශ‍්‍රී ලංකා මහ බැංකුව, යොහාන් සැමුවෙල් මහතා – බෙදාහැරීම් නියෝජිත, කාගිල්ස් ඔන්ලයින්, සංජීව පේ‍්‍රමවර්ධන මහතා – ප‍්‍රධාන කළමනාකරු තොරතුරු තාක්ෂණය, කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම, අසංක මහානාම මහතා – ජ්‍යෙෂ්ඨ කළමනාකරු – තොරතුරු තාක්ෂණය, කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම, රොෂාන් දිල්රුක් මහතා – මෙහෙයුම් කළමනාකරු, කාගිල්ස් ඔන්ලයින් යන මහත්වරුන් ඡායාරූපයෙන් දැක්වේ.

පාරිභෝගිකයින්ට ජංගම දුරකථන යෙදුම භාවිතා කර හෝ වෙබ් අඩවියට පිවිස ගෙවීම් ක‍්‍රමය ලෙස LANKAQR තෝරාගත හැක. කාගිල්ස් කණ්ඩායම ඇණවුම ලබා දෙන අවස්ථාවේදී, පාරිභෝගිකයන්ට LANKAQR භාවිතයෙන් ගෙවීම් කිරීමට ඕනෑම ගෙවීමේ යෙදුමක් (payment app) භාවිතා කළ හැක. ගෙවීම් ක‍්‍රමය ලෙස Card On Delivery හෝ Cash On Delivery‍ තෝරාගෙන තිබුනත්, භාණ්ඩ ලැබුණු පසු පාරිභෝගිකයන්ට LANKAQR හරහා ගෙවීමේ පහසුකම පවතී.

කාගිල්ස් ෆුඞ්ස් කම්පණි ප‍්‍රයිවට් ලිමිටඞ් හි කළමනාකාර අධ්‍යක්ෂ අසෝක පීරිස් මහතා සිය අදහස් දක්වමින් ප‍්‍රකාශ කරන ලද්දේ, ” ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාව වැඩිදියුණු කිරීම සඳහා කාගිල්ස් හි අඛණ්ඩ කැපවීම හේතුවෙන් අපි කාගිල්ස් ඔන්ලයින් හඳුන්වා දෙනු ලැබුවා. මෙම හඳුන්වාදීම තුළින් පාරිභෝගිකයින්ට නිවසේ සිටම අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිමින් සුපිරි වෙළඳසළක අත්දැකීම ලබා ගැනීමට හැකි වූවා. LANKAQR සමඟ එක් වීමෙන් අපගේ පාරිභෝගිකයින්ට ඔවුන්ගේ භාණ්ඩ සඳහා ගෙවීම් සිදු කිරීම වඩාත් පහසු වනු ඇත. බෙදා හැරීම සඳහා LANKAQR සමඟ එක් වූ ශ‍්‍රී ලංකාවේ පළමු සහ දැනට එකම ඉලෙක්ට්‍රොනික වාණිජ වේදිකාව වීම ගැන අපි ආඩම්බර වෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment