මහජන බැංකුව ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ ශක්තිමත් හා ස්ථාවර ගමනක

69

මහජන බැංකුව, සිය ඒකාබද්ධ සමස්ත මෙහෙයුම් ආදායම 51.9%ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 42.6ක අගයක් වාර්තා කරමින් 2022 මාර්තු 31න් අවසන් වූ වසරේ පළමු කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලදී.

පවතින උද්ධමනකාරී තත්වය හමුවේ වුවද එහි සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 13.1ක් වූ අතර, එය 0.3%ක පමණ සුළු වර්ධනයක් විය. ඒ තුළින් අඛණ්ඩ පදනමක් මත සිදු කරනු ලබන මහජන බැංකුවේ යහපත් පිරිවැය කළමනාකරණයේ හා කාර්යක්ෂමතාවයේ වර්ධනය මනාව පිළිබිඹු වේ. එම කාර්තුව තුළ මහජන බැංකුව වාර්තා කරන ලද ඒකාබද්ධ බදු පෙර ලාභය රුපියල් බිලියන 11.0ක් වූ අතර, එය 2021 වසරේ එම කාලය හා සැසඳීමේදී 9.8%ක වර්ධනයක් ලෙස දැක්විය හැකිය.

2022 පළමු කාර්තුව තුළ සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායමෙන් 71.4%ක් හෙවත් රුපියල් බිලියන 30.4ක් ශුද්ධ පොලී ආදායම් වූ අතර, එය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 29.2%කින් ඉහළ යාමක් ලෙස වාර්තා විය. එහි වත්කම් වර්ධනය හා ශුද්ධ පොලී ආන්තිකය 2021 පළමු කාර්තුවේ වාර්තා කළ 3.6% සිට 4.1% දක්වා වර්ධනයක් පිළිබිඹු කරන ලදී. පසුගිය කාලය තුළ සිදු වූ රුපියල

අවප්‍රමාණය වීමේ ප්‍රතිඵලයක් ලෙස එම කාල පරිච්ඡේදය තුළ හඳුනාගනු ලැබූ රුපියල් බිලියන 3.4ක විදේශ විනිමය ශුද්ධ ලාභය හැරුණු විට වෙනත් ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමේ උත්සාහයන් පිළිඹිබු කරමින් 2021 පළමු කාර්තුව තුළ වාර්තා වූ 13.0%ට සාපේක්ෂව 20.0%කට වැඩි පොලී මත පදනම් නොවන ආදායමක් වාර්තා කිරීමටද මහජන බැංකුව සමත් විය. එසේම පිරිවැයේ සිට ආදායම් ඉදිරි දර්ශනය දක්වා මූලික වශයෙන් ඉහළ පෙළේ වර්ධනය හා පිරිවැය පාලනය කරමින් සමූහයේ පිරිවැය සහ ආදායම් අනුපාතය 2022 පළමු කාර්තුවේදී 38.2%ක් බවට පත්කර ගැනීමට බැංකුව සමත් වූ අතර, එය 2021 එම කාල සීමාවේදී වාර්තා වූයේ 54.9%ක් ලෙසිනි.

මෙහිදී රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඇති වන ඍණාත්මක බලපෑම හා සමූහයේ ගනුදෙනුකාර අංශයන්ගේ අපේක්ෂිත ඉහළ ණය අලාභයන් ඇතුළු සාර්ව ආර්ථික වර්ධනයන් පිළිබිඹු කරමින් ඒකාබද්ධ හාණිකරණ වියදම් ඉහළ යන ලදී. ඒ හේතුවෙන් 2021 වසරේ එම කාලයට සාපේක්ෂව 12.9%කින් පහත වැටෙමින් බදු ගෙවීමෙන් පසු ඒකාබද්ධ ලාභය රුපියල් බිලියන 7.4ක් බවට පත් වූ අතර, බැංකුවේ ස්වාධීන පදනම මත බදු ගෙවීමෙන් පසු ලාභය 2021 පළමු කාර්තුවට වඩා 1.1%කින් ඉහළ යමින් රුපියල් බිලියන 5.5ක් බවට පත් විය. 2021 පළමු කාර්තුව තුළ වාර්තා වූ 1.42% හා සැසඳීමේදී මෙම කාලය තුළ සමූහයේ වත්කම් මත ප්‍රතිලාභය 1.48%ක් විය.

ජංගම හා ඉතුරුම් තැන්පතු (CASA) 40.0% ක මට්ටමටම ආසන්නව පවත්වාගෙන යාමත් සමඟ ඒකාබද්ධ තැන්පතු 6.2%කින් එනම් රුපියල් ට්‍රිලියන 2.3ක් දක්වා වර්ධනය විය. ඒකාබද්ධ ශුද්ධ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 2.0 මට්ටමට පැමිණි අතර, අභියෝගාත්මක සාර්ව ආර්ථික තත්වයන් ප්‍රදර්ශනය කරමින් බැංකුවෙහි ස්වාධීන හා ඒකාබද්ධ පදනම මත අදාළ කාල සීමාව තුළ අදියර 3 ණය, සමස්ත දළ ණයවල ප්‍රතිශතයක් ලෙස ඉහළ යන ලදී. එහිදී ඒකාබද්ධ වත්කම් රුපියල් ට්‍රිලියන 3.1ක මට්ටමට ළඟා වූ අතර, එය 10.6%ක වර්ධනයක් විය. රුපියල අවප්‍රමාණය වීම ගැලපූ පසු එය 5.0% දක්වා ආසන්න වර්ධනයක් සනිටුහන් කොට ඇත.

2021 වසර අවසානයේදී වාර්තා කළ 13.4% සහ 17.9% සමඟ සැසඳීමේදී 2022 මාර්තු 31 අවසන් වන විට ස්ථර 1 සහ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාවය 12.0% සහ 16.1%ක් විය. බැංකුවේ ස්වාධීන පදනම මත, පිළිවෙලින් 11.0% සහ 15.7% ලෙස සටහන් වූ එය (2021 වසර අවසන් වන විට 12.6%හා 17.8%) මෙය කිසිදු සහනයකින් තොරව හෝ වෙනත් සුවිශේෂී ගැලපීමකින් තොරව සලකා බලනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment