මහජන බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) ගාල්ල, හෝලුවාගොඩ ‘සෙරින් රිවර් පාර්ක්’ පරිසර උද්‍යානයේදි පසුගියදා විවෘත කෙරිණි. මේ තුළින් සතියේ දින 7 පුරා, පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ.

මේ අවස්ථාවට සෞඛ්‍ය හා කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර එන්.කේ. විමලසිරි යන මහත්වරුන් ඇතුළු බැංකු නිලධාරින් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment