ඩයලොග් ආසිආටා සමාගම ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් DeafTawk App එක හඳුන්වාදෙයි

84
ඡායාරූපයේ වමේ සිට දකුණට: ADSign Creations සංඥා භාෂා පරිවර්තන සේවා සමාගමේ හිමිකරු බුද්ධික දෙමටහෙට්ටිගේ මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අවදානම් සහ අනුකූලතා අංශයේ සමූහ ප්‍රධානී අසංග ප්‍රියදර්ශන මහතා, DeafTawk සමාගමේ සම නිර්මාතෘ හා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අබ්දුල් කදීර් මහතා, ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී හොං සු වොං මහතා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංඥා භාෂා පරිවර්තක ප්‍රධානී චම්මි ඩයස් මහත්මිය, GSMA ආයතනයේ වෙළඳපොල නියැලීම් අංශයේ අධ්‍යක්ෂ දුලිප් තිලකරත්න මහතා.

ශ්‍රව්‍යාබාධිත පිරිසට, සමාජය සමඟ පහසුවෙන් කටයුතු කිරීමට මග සලසමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ජාත්‍යන්තරව ප්‍රකට සංඥා භාෂා පරිවර්තන යෙදුමක් වන DeafTawk App ප්‍රථම වරට ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීමට කටයුතු කර ඇත.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්, සංඥා පරිවර්තකයන් සහ DeafTawk ගෝලීය සමාගමේ සහභාගීත්වයෙන් ඩයලොග් සමාගම් පරිශ්‍රයේදී පසුගියදා පැවති උත්සවයකදී DeafTawk App එක හඳුන්වාදෙන ලදී.

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත අයට ඩිජිටල් පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසාදීම සඳහා ඩයලොග් සමාගම විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩපිළිවෙලෙහි නවතම පියවරයි. මෙය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ඩිජිටල් තාක්ෂණික විසඳුම් ලබාදීමට GSMA අන්තර්ජාතික ආයතනයේ මූලධර්මවලට අනුකූලව සිදුවන වැඩපිළිවෙලකි. DeafTawk App එක මගින් එය භාවිත කරන පුද්ගලයාට,’තමන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක සංඥා භාෂා පරිවර්තකයකු ලබාගෙන සමාජයේ සෙසු පුද්ගලයන් සමඟ සන්නිවේදනය කිරීමට හැකිවෙයි. DeafTawk App සමඟින් දැනට සම්බන්ධ වී සිටින පරිවර්තකයන් සංඛ්‍යාව 50කට අධිකය.පාරිභෝගිකයෙකුට තෝරාගැනීමට පැකේජ රැසක් ඇත. විනාඩි 10 ක Talk Time සහිත පැකේජයක මිල සඳහා රු. 100 ක් සහ බදු අයවන අතර, විනාඩි 20 ක Talk Time සඳහා රු.200 ක් සහ බදු අයවේ. මීට අමතවරව විනාඩි 25 ක Talk Time සඳහා රු.250 ක් සහ බදු අයවන අතර, විනාඩි 50 ක Talk Time සඳහා රු. 500 ක් සහ බදු අයවේ. විනාඩි 100 ක Talk Time සඳහා රු. 1000 ක් සහ බදු අයවේ. ඩයලොග් පාරිභෝගිකයන්ට කිසිඳු ඩේටා ගාස්තුවකින් තොරව DeafTawk App එක භාවිත කළ හැකි අතර, තෝරාගත් පැකේජය සඳහා සිදුකළ යුතු ගෙවීම බිලට add කිරීමෙන් හෝ ඩයලොග් සම්බන්ධතාවයේ පවතින රීලෝඩ් අගයෙන් අඩුකරගත හැකි Add to Bill ක්‍රමය භාවිත කළ හැක. Apple App Store හෝ Google Play Store හරහා මෙම App එක නොමිලේම ඩවුන්ලෝඩ් කළ හැක. වෙනත් දුරකතන ජාලයක් භාවිත කරන පාරිභෝගිකයන් සඳහා ඩේටා ගාස්තු අයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment