කුණ්ඩසාලේ මහමෙව්නා බෞද්ධ අසපුවේ සහ සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරස්ථානයට “ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස්” ශාඛා

58

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් අධ්‍යාපන සැපයුම්කරු වන ඩී.පී. එඩියුකේෂන් විසින් කුණ්ඩසාලේ මහමෙව්නා බෞද්ධ අසපුවෙහි හා සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරයෙහි ඔවුන්ගේ 44 වැනි හා 45 වැනි “ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස්” ශාඛා පසුගියදා සිසුන් 2850ට අධික ප්‍රමාණයකට පහසුකම් සපයමින් විවෘත කෙරිණි.

එමඟින් සියලු‍ම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ කෝඩින් හා රොබොටික්ස් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්‍රධනය කිරීම උදෙසා මෙන්ම සන්නිවේදන සහ චින්තන කුසලතාවයන් වර්‍රධනය කර ගැනීම උදෙසා උපකාරී වේ. එමෙන්ම ඩී.පී. එඩියුකේෂන් අයි.ටි. කැම්පස් ඩිජිටල් ආර්‍රථිකයකට අවශ්‍ය රැකියා අවස්ථා රාශියක් බිහිකිරීමට නියමිත වේ.

ඩී පී එඩියූකේෂන් අයී ටී කැම්පස් සමන්විත වන්නේ ඩීපී එඩියූකේෂන් කෝඩින් පාසල සහ ඩීපී එඩියුකේෂන් සහ විවිධ විශ්වවිද්‍යාල එක්ව දියත් කරන පාඨමාලා වලිනි. මේ යටතේ, ඩී පී එඩියුකේෂන් හා මොරටුව විශ්ව විද්‍යාලය එක්ව පහත පාඨමාලා ද, ෆුල් ස්ටැක් ඩිවෙලොපර් (Full-stack Developer) ක්ලවුඩ් කම්පියුටින් (Cloud Computing) ඩේටා සයන්ස් (Data Science) කොලිටි ඇශූවරන්ස් (Quality assurance) සයිබර් සිකියූරිටි (Cybersecurity) අයි.ඕ. ටි (IoT) ඩේටා ස්ට්‍රක්චර්ස් ඇන්ඩ් ඇල්ගොරිදම්ස් (Data Structures and Algorithms) යූ අයි/යු එක්ස් ඩිසයින් (UI/UX design) මොබයිල් ඇප්ලිකේෂන් ඩිවෙලොප්මන්ට් (Mobile application development) ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් (Project Management) මෙන්ම, ඩී පී එඩියුකේෂන් හා කැලණිය විශ්ව විද්‍යාලය එක්ව SAP විශේෂිත එන්ටර්ප්‍රයිස් රිසෝස්’පැලෑනින් (ERP) පාඨමාලාවද, ඩී පී එඩියුකේෂන් හා රුහුණු විශ්ව විද්‍යාලය එක්ව ඩේටා සයන්ස් (Data Science), මැෂීන් ලර්නින් (Machine Learning) හා ඒ. අයි. (AI) සම්බන්ධ පාඨමාලාවද දියත් කෙරේ.

කුණ්ඩසාලේ මහමෙව්නා බෞද්ධ අසපුවෙහි ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් විවෘත කිරීමේ උළෙල නාලන්දාවේ පවර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, 2023 ජූලි 23 වන දින කුණ්ඩසාලේ මහමෙව්නා බෞද්ධ අසපුව පරිශ්‍රයේදී පැවැත්වුණ අතර සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාරයෙ හි ඩීපී එඩියුකේෂන් අයි. ටී. කැම්පස් විවෘත කිරීමේ උළෙල අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමිගේ අනුශාසකත්වයෙන්, ධම්මික හා ප්‍රිසිලා පෙරේරා පදනමේ නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්, 2023 ජූලි 25 වන දින සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විහාර පරිශ්‍රයේදී පැවැත්වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment