නියඟය සරුවට උතුරත් නරකට

165

උතුරේ පවුල් 22666ක් පීඩාවට

දිවයිනේ පළාත් කීපයක පවතින දැඩි නියඟය උතුරු ප්‍රදේශයට ද දරුණු ලෙස බලපා ඇත. මේ වනවිට උතුරේ පවුල් 22,666කට අයත් පුද්ගලයන් 72,357 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල නිලධාරීහු ප්‍රකාශ කරති.

උතුරේ වැඩි වශයෙන්ම පීඩාවට පත්ව සිටින්නේ යාපනය හා කිළිනොච්චිය යන දිස්ත්‍රික්කවල ජනතාවය.

යාපනයේ හා කිළිනොච්චිය ප්‍රදේශව වැව්වල ජලය ඉතා ශීඝ්‍ර ලෙස සිඳී ගොස් ඇති අතර පානීය ජලය සපයා ගත් ළිං ඇතුළු බොහෝ ජල සම්පත් සම්පූර්ණයෙන්ම සිඳී ගොස් තිබේ.

කුඹුරු විශාල ප්‍රමාණයක් නියඟය නිසා විනාශ වී ගොස් පිදුරු බවට පත්ව ඇති අතර ගවයන්ට කෑම සඳහා තණකොළ ද එළුවන් වැනි සතුන්ට වෙනත් කොළ වර්ග ද නොමැති වී ගොස් තිබේ. ඉන් සතුන්ට පානීය ජලය නොමැති තත්ත්යක් උද්ගතවී පවතී.

පානීය ජලය සපයා ගැනීමට නොහැකි පළාත්වල ජනතාවට බව්සර් මගින් පානීය ජලය සැපයෙන අතර එම සැපයුම් සඳහා ද ජලය සොයා ගැනීමට යාපනය හා කිළිනොච්චි දිස්ත්‍රික්කවල ජල උල්පත් ළිං හෝ වෙනත් ජල උත්පාදන ස්ථාන නොමැති බව ආපදා කළමනාකරණ නිලධාරීහු ප්‍රකාශ කළහ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment