විදේශ විනිමය ගේන්න, නෞකා ආරක්ෂාවට ගිය සමුද්‍ර ආරක්ෂක නාවිකයා මරුට

704

රටට විදේශ විනිමය ගේන්න, විදේශ නෞකාවලට ආරක්ෂාව සපයමින් සිටි සමුද්‍ර ආරක්ෂක නාවිකයකු ඉකුත් (10දා) උදෑසන අරාබි මුහුදු සීමාවේ, යාත්‍රා කරමින් සිටි නෞකාවකදී හදිසියේ මියගොස් ඇත.

මෙලෙස මිගොස් ඇත්තේ, මාතලේ, උඩුපිහිල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 වියෙහි පසුවන චමින්ද පහළගෙදර නැමති තිදරු පියෙකි.

මොහු මියයෑමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 12ක සේවයෙන් පසු නීත්‍යානුකූලව ඉවත්වීමෙන් පසුව මෙලෙස මෙම රැකියාව සඳහා එක්ව ඇත.

එංගලන්ත සමුද්‍ර ආරක්ෂක සාමාගමක් යටතේ රැකියාව කළ මොහු හදිසියේ මෙලෙස මියගොස් ඇත්තේ එම සාමාගමට අයත් නෞකාවකදී බවත්, මොහුගේ දිවි බේරාගැනීමට එම නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවේ කාර්ය මණ්ඩලය ඇතුළු අනෙකුත් සමුද්‍ර ආරක්ෂක නාවිකයන් උත්සහ කළත් මෙම සමුද්‍ර ආරක්ෂක නාවිකයා, බේරාගැනීමට නොහැකි වූ බවත් සඳහන් කරන එම සමාගම වැඩිදුරටත් මෙම මරණයට හේතුව මෙතෙක් තහවුරු කර නොමැති බැවින් එම දේහය මේ වනවිට ඕමාන් රාජ්‍ය බලා රැගෙන යෑමට කටයුතු කර ඇති බැවින් මෙහි ඉදිරි කටයුතු එම සමාගමේ මෙරට නියෝජිත රක්නා ලංකා ආරක්ෂක සමාගමත් සමග සාකච්ඡා කර සියලු කටයුතු සිදුකරන බවයි.

මේ සම්බන්ධයෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ විදේශ නෞකා මෙහෙයුම් සම්බන්ධීකාරක ජෙනරල් සනත් වනිගසිංහ මහතාගෙන් ඊයේ (15දා) විමසීමේදී ඒ මහතා කියාසිටියේ මේ සම්බන්ධයෙන් තම සමාගම මැදිහත් වී අදාළ දේහය මරණ පරීක්ෂණයකින් පසු ලංකාවට රැගෙන ඒමට ඉක්මණින් කටයුතු කරන බවයි.
මකුලෑව – එල්. ඒ. කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment