බුදු දහමට අපහාස කළ ජෙරොම් ගැන සොයන්න – ජනපති අණින් පරීක්ෂණයක්

269

ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයකු විසින් බුදුන් වහන්සේට අපහාස කරමින් ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳව වහා පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

වගකීම් විරහිත හිතලු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බැවින් අදාළ දේවගැතිවරයා කළ ප්‍රකාශය ගැන පුළුල් පරීක්ෂණයක් කොට තමාට වාර්තා කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා වෙත දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයකු බුදුන් වහන්සේට අපහාස වන ප්‍රකාශ කළැයි මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ජනාධිපතිවරයා මෙම නියෝගය සිදු කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment