ශ්‍රී ලාංකික කලාකරු දුමින්දගේ කලාගාරයත් මුල් තැනක

රෝමයේ සංස්කෘතික අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වාර්ෂිකව සංවිධානය කරන “Rome Art Week” කලා සතිය මේ මස 23 වැනිදා සිට 29 වැනිදා දක්වා රෝම අගනුවර පිහිටි ජුලියර් සීසර් ඇතුළු කලාගාර රැසකදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ සඳහා මූර්ති, චිත්‍ර, ඩිජිටල් ආර්ට් ඇතුළු ක්ෂේත්‍ර රැසක ඉතාලියේ හා රෝමයේ වෙසෙන කලාකරුවන් 400 කට වැඩි පිරිසක් සහභාගි වන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රකට මූර්ති ශිල්පී අජන්ත දුමින්ද ජයසූරිය කලාකරුවා සහභගි වේ.

ඒ දුමින්ද මහතාගේ කලාගාරය රෝම අගනුවර කලාකරුවන්ට ප්‍රසිද්ධ “වියා ජුලියා” වීදියේ පවත්වාගෙන යනු ලබන අතර ඔහුගේ කලාගාරය තුළ මූර්ති ප්‍රදර්ශනය සඳහා ඉතාලියේ දෙදෙනෙක්, අප්‍රිකාවේ එක අයෙක් සමග ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දුමින්ද සහභාගි වේ.

රෝමයේ කලා පුනරුදය ඉස්මතු කරමින් තවදුරටත් රෝමයේ වටිනාකම් ඉස්මතු කිරීම මෙම රෝම කලා සතියේ අරමුණ වන අතර, මෙහිදී ලෝක ප්‍රකට කලාකරුවන් එකම ස්ථානයකදී හමුවීමට කලා ලෝලීන්ට අවස්ථාව උදාවන අතර, ඔවුන්ගේ කලා නිර්මාණ රස විඳ, කලා කෘති මිලදී ගැනීමටද අවස්ථාව උදාවන බව මේ පිළිබඳව රෝමයේ සිට අදහස් දක්වන ශ්‍රී ලාංකික මූර්ති ශිල්පී අජන්ත දුමින්ද ජයසූරිය පවසයි.

කලා සතියේ එක් එක් දිනවල එක් එක් කලාකරුවන්ගේ කලාගාර තුළ නිල සමාරම්භක අවස්ථාව බැගින් පැවැත්වෙන අතර ශ්‍රී ලාංකික කලාකරු දුමින්ද ජයසූරියගේ කලාගාරය තුළ නිල සමාරම්භක අවස්ථාව ඔක්තෝබර් 26 වැනි දිනට යෙදී තිබේ.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment