මිනිස්සු බලන්නෙ පිට ඔපේ විතරයි

139

රැෆෙල්ලා මොකක්ද මේ අලුත්ම වැඩේ?

මම දැන් ෆැෂන් ඩිසයිනර් පිළිබඳ උපාධිධාරිනියක්. මුල් කාලයේ ලන්ඩන්, පැරිස් වගේ විදේශීය නගරවලත් ප්‍රදර්ශන පැවැත්වුවත් වසර පහක පමණ විවේකයක් ගන්න මට වුවමනා වුණා. මේ කාලය තුළ මම අදහස් කළේ Commercial Brand එකක් ඩිවලොප් කරන්න. ඒ අවස්ථාවේ මොන වගේ මාර්කට් ගැප් එකක්ද තියෙන්නෙ, මට මොනවද කරන්න පුළුවන් කියන දේ කල්පනා කරල තමයි මේ අයිඩියා එක Develop කළේ.

මිනිස්සු බලන්නෙ පිට ඔපේ විතරයි

● දිගු විවේකයක් ගන්න වුණේ ඇයි?

ලන්ඩන් ෆැෂන් වීක් සහ පැරිස් ෆැෂන් වීක් වලට සහභාගී වීමෙන් පස්සෙ ඩිසයිනින් පැත්තෙන් සහ ෆොටෝග්‍රැපි පැත්තෙන් මම ඉතාම කාර්යබහුල වුණා. නමුත් ෆොටෝග්‍රැපි පැත්තෙන් කාර්යබහුල වුණාට බොහෝ වෙලාවට මම පිටරටකට යනවා, එහෙමත් නැත්නම් කොළඹින් පිට ඉන්නෙ. නමුත් ඩිසයිනින් කරනකොට මම හැම වෙලාවෙම ස්ටූඩියෝ එකේ ඉන්න ඕන. මේ නිසා මට එකක් තෝරා ගන්න සිදු වුණා. එතනදි මම ෆොටෝග්‍රැපි තෝරා ගන්නවා. මේ වසර පහ තුළ මම ඩිසයිනින් කළේ නැහැ. මේ දෙකම එකට කරන්න පුළුවන් නිසා තමයි මම ෆෙලා එළිදක්වන්නෙ.

● මොකක්ද මේ ෆෙලා කියන්නෙ?

ෆෙලා කියන්නෙ කොමර්ෂල් බ්‍රෑන්ඩ් එකක්, ඩිසයිනර් බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. ෆෙලා තුළ මට වුවමනා වුණේ ඕනෑම කෙනකුට අඳින්න පුළුවන් වගේම සාමාන්‍ය කෙනකුට වුණත් මිලදී ගන්න පුළුවන් විදිහට බ්‍රෑන්ඩ් එකක් නිර්මාණය කරන්න.

● මේ වෙනුවෙන් විදේශයකදී ඔබට අවස්ථාවක් ලැබුණා?

ඔව්, මට අවස්ථාව ලැබුණා දිල්ලි ෆොටෝ වීක් එකේ ෂෝ එකක් කරන්න. එහිදී මම තීරණය කරනව මගේ බ්‍රෑන්ඩ් එක ලෝන්ච් කරන්න. මොකද ඒකට අවශ්‍ය ෆ්ලැට්ෆෝම් එක එතන තිබුණා. ඒ අනුව පසුගිය 01 වැනිදා මගේ ‘ෆෙලා’ බ්‍රෑන්ඩ් එක දිල්ලියේදී ලෝන්ච් කරනව.

මිනිස්සු බලන්නෙ පිට ඔපේ විතරයි

● පසුගිය කාලයේ ඔබ විදේශගත වුණා?

ඔව්, මට සතියක කාලයක් විදේශගතව ඉන්න සිදු වුණා. පසුගිය 04 වැනිදා මම නැවත ලංකාවට ආවා.

● මේ අත්දැකීම මොන වගේද?

ඇත්තටම මේක ගොඩාක් වටින අවස්ථාවක්. මොකද අපේ රටේ තියෙන ෂෝස් වලදි වගේම පිටරට තියෙන ෂෝස් වලදි ඩිසයිනර්ස්ලට සලකන විදිහ ගොඩක් වෙනස්. අපිට ඇසිස්ටන්ල හතළිස් දෙනෙක් හිටියා. අපේ අතට කතුරක්වත් අරගන්න ඕන වුණේ නැහැ. එතනදි අපිට වෙනම ස්ටයිලිෂ් කෙනෙක් හිටියා. ෂෝ ඩිරෙක්ටර් කෙනෙක්, ලයිටින් වලට වෙනම කෙනෙක් මේ වගේ ෂෝ එකක තියෙන ගුණාත්මකභාවය නිසා හැමකෙනකුටම ලැබෙන අත්දැකීම ගොඩක් වටිනවා.

●ලංකාවෙන් තවත් අය ගියාද?

මමත් එක්ක තවත් මෝස්තර නිර්මාණ ශිල්පියෙක් ගියා. තවත් දෙන්නෙක් කලින් ගිහින් තිබුණා. අපි ගියේ කළම්බු ෆැෂන් කවුන්සිල් එක හරහා.

● කොහොමද ඔබට මේ අවස්ථාව ලැබෙන්නෙ?

මට මේ අවස්ථාව ලැබෙන්නෙ ප්‍රසන්න පත්මනාදන් හරහා. ඔහු තමයි මාව සහ මාලන්ව තෝරාගෙන තිබුණෙ.

මිනිස්සු බලන්නෙ පිට ඔපේ විතරයි

● සංජයලීලායි ඛන්සාලිගෙ ඇඳුම් නිර්මාණ ශිල්පියා සමග ඔබේ නිර්මාණ එළිදක්වන්න ලැබුණ අවස්ථාව?

සාමාන්‍යයෙන් ඕනෑම ෆැෂන් ෂෝ එකක ෆිනාලේ එක දවසට අලුත් ඩිසයිනර්ස්ලට ලැබෙන චාන්ස් එක ගොඩක් අඩුයි. මෙතනදි ලංකාවෙන්ම නම වැටුණේ මගේ විතරයි. ඒක මට ලැබුණ ලොකු අවස්ථාවක්.

● ‘ෆෙලා’ බ්‍රෑන්ඩ් එකෙන් ලංකාවේ අයට ඇඳුම් ගන්න පුළුවන්ද?

තව සති දෙකකින් ‘ෆෙලා’ බ්‍රෑන්ඩ් එකේ ලෝන්ච් එකක් ලංකාවේ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉන් පස්සෙ ඕනෑම කෙනකුට ඔන්ලයින් මගින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම රීටේල් ස්ටෝස් දෙකතුනකදීත් මිලදී ගන්න පුළුවන් වෙයි. මේ බ්‍රෑන්ඩ් එකේ විශේෂම දේ තමයි සාමාන්‍ය කෙනකුට පවා ගන්න පුළුවන් මිලගණන් යටත් තමයි තියෙන්නෙ.

● නළු නිළියන්ට ඇඳුම් නිර්මාණය කිරීම නතර කළාද?

මම නළු නිළියන්ට ඇඳුම් නිර්මාණය කළේ මියුසික් වීඩියෝ වලට සහ ෆොටෝ ෂූට්වලට විතරයි. ඒක ඉදිරියටත් වෙනවා.

● ඩිසයිනින් අතහරින හිතුන අවස්ථාත් ඇති?

අනිවාර්යයෙන්ම. මට එහෙම හිතිල තියෙනව වගේම යම් කිසි කලකිරීමක් එක්ක අතහැරලත් තියෙනව. මොකද මේ ඉන්ඩස්ටි්‍ර එකේ දේවල්වලට ලැබෙන සපෝර්ට් එක ගොඩක් අඩුයි. ගොඩක් තැන්වලට දැන් මේක කළා ඇති, තවදුරටත් කරගෙන යන්න බැහැ කියල දැනිල තියෙනව. බොහෝ වෙලවට මේ ඉන්ඩස්ටි්‍ර එකේදි මිනිස්සු බලන්නෙ පිට ඔපේ විතරයි. අපි මේක ඇතුළෙ කොච්චර කලාවක්, කොච්චර මහන්සියෙන් කරනවද කියල කවුරුවත් බලන්නෙ නැහැ. එහෙම අගයකිරීමක් නැතිකොට අතහැරල දාන්න හිතුන අවස්ථා අනන්තවත් තියෙනවා.

● මෙවරත් ඔබ ඍත්‍ක්‍ක්‍ ැන්ඒ 2024ට සූදානම් වෙනවද?

ඔව්, මේ දවස්වල සූදානම් වෙනව. ලංකාවෙන් පිටට ගිහින් ෂූට් කිහිපයක් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

● චිත්‍රපටයේ වැඩකටයුතු?

ඒ වැඩකටයුතු අතරමගදි ටිකක් නතර කරන්න සිදු වුණා. මොකද අපේ නිෂ්පාදකවරයකු ගේ වෙනස්වීමක් එක්ක තමයි ඒ දේ සිදු වුණේ. කැලැන්ඩර් එකෙන් පස්සෙ නැවතත් ඒ වැඩකටයුතු පටන්ගන්නයි අදහස් කරන්නෙ.

● කැලැන්ඩර් එකට නළු නිළියන් තෝරාගෙන ඉවරද?

ඔව්, දැනට කාස්ට් එක තෝරාගෙන ඉවරයි. කිහිප දෙනෙක් තරහ වෙනව ඉතිං හැම වතාවකම. සුදුසුම දේ කරන්න ඕන නිසා හොඳම කාස්ට් එක තෝරා ගන්නව. ඒ තරහ වුණ අය නැවත යාළුවෙයි කියල වැඩේට අතගැහුවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment