කැබිනට් තීරණ ගැන වරප්‍රසාද ප්‍රශ්න මතු කළ හැකි ද

67

ජනාධිපති කාර්යාලය නීතිපතිගෙන් අසයි

කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කරන්නට හැකියාව තිබේ දැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයා ගෙන් කරුණු විමසා ඇත.

අය-වැය විවාදයේදී ඇතැම් මන්ත්‍රීවරුන් වරප්‍රසාද ප්‍රශ්න ලෙස අමාත්‍ය මණ්ඩල තීරණ අභියෝගට ලක්කරන බව ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන් ගණනාවක් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉහත කරුණු නීතිපතිවරයා ගෙන් විමසන ලෙස ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ.

එවැනි වරප්‍රසාද ප්‍රශ්න මතු කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාද අයථා ලෙස භාවිත කිරීමක් දැයි දැනුම් දෙන ලෙස ජනාධිපති කාර්යාලය නීතිපතිවරයා ගෙන් කළ විමසීමේ සඳහන්ය.

කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණ සම්බන්ධයෙන් මෙන්ම ජනාධිපතිවරයා සහ විනිසුරුවරුන් ඈඳාගනිමින් පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්න නැගීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ජනාධිපති කාර්යාලය නීතිපතිවරයා ගෙන් කරුණු විමසා ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment