සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදානය කරයි

95

සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ සුපිරි ජයග්‍රාහකයන්, විසිලක්‍ෂපතියන් සහ දසලක්‍ෂපතියන් 36 දෙනකු සඳහා චෙක්පත් ප්‍රදානය පසුගිය (28දා) එහි ප්‍රධාන කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩල සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ජයග්‍රාහකයන්ට චෙක්පත් ප්‍රදානය කරයි

කප්රුක, ශනිදා, අද කෝටිපති, සුපර් බෝල්, ජයෝදා, ලග්න වාසනා, සංවර්ධන වාසනාව යන ලොතරැයිපත් සඳහා ජයග්‍රාහි චෙක්පත් ලබාගත් ජයග්‍රාහක පිරිස සභාපති/ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) ජානක දොඩම්ගොඩ, සාමාන්‍යාධිකාරි (මුදල්) නිශාන් පෙරේරා ඇතුළු පිරිස සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ සුපිරි ජයග්‍රාහකයන්, විසිලක්‍ෂපතියන් හා දසලක්‍ෂපතියන් 36 දෙනා සඳහා ලොතරැයිපත් අලෙවි කළ දිවයිනේ නන්දෙස අලෙවි නියෝජිතයන් 36 දෙනකු සඳහා චෙක්පත් සහ සහතිකපත් ප්‍රධානයක් ද එහිදී සිදු කෙරිණි. එම අලෙවි නියෝජිත පිරිස සභාපති ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල මහතා ඇතුළු පිරිස සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

පිංතූරය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment