Silk Route Ventures පළමු වරට ශ්‍රී ලංකාවේ සූපවේද ව්‍යවසායකයින්ට අංග සම්පූර්ණ ආහාර නිෂ්පාදනාගාරයක් අරඹයි

101
මාතලේ පිහිටි ජාත්‍යන්තර සහතිකලත් අති නවීන Silk Foods Ceylon කර්මාන්තශාලාව

පවතින දැඩි තරගකාරී වටපිටාව මෙන්ම ශ්‍රී ලංකාව මුහුණ දෙන අසීරු ආර්ථික අභියෝගතා හමුවේ, ආහාර නිෂ්පාදනාගාරයක් ආරම්භ කිරීම යනු දැවැන්ත ආයෝජනයකි. එවන් පසුබිමක, මෙරට කෘෂි, ආහාරපාන සහ පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Silk Route Ventures සමාගම සූපවේද ව්‍යවසායකයින් සහ ඇල්මක් දක්වන්නන්ට සිය නිර්මාණශීලී සූපවේදී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නව ආහාර නිෂ්පාදනාගාරයක් පසුගියදා ආරම්භ කළේය.

plug-and-play ප්‍රවේශයක් ලෙස ස්ථාපිත කෙරුණු මෙම නිෂ්පාදනාගාරය මගින් කැමැති ඕනෑම අයෙකුට ප්‍රාග්ධන අවශ්‍යතාවකින් තොරව තම ආහාරපාන සන්නාමයක් බිහිකරගැනීමේ අවස්ථාව උදා වී තිබේ. ජාත්‍යන්තර මට්ටමේ වාණිජ මුළුතැන්ගෙයකින් සමන්විත මෙම ආහාර නිෂ්පාදනාගාරය මාතලේ හපුගස්යායේ පිහිටි Silk AgTech Park හි පිහිටා ඇත. ඒ තුළ, ආහාර සේදීම, පොතු ඉවත් කිරීම, කැපීම, ඇඹරීම, මිශ්‍ර කිරීම, පිරවුම් කිරීම, තාප පිරියම් මලු‍ (retorting), ඉසිරුම් වියළනය (spray drying), ඇසුරුම්කරණය ඇතුළු බොහෝ පහසුකම් අන්තර්ගත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment