ජීවිතය අන් තැනක මිලාන් කුන්දේරා

228

‘ජීවිතය අන් තැනක’ (Life Is Elsewhere) තැබුවේය. 1929.04.01 සිට මේ දක්වාම ඔහු තැබූ පියවර බොහෝය. ඒ අතරින් අපට බර දැනෙන පියවර ද බොහෝය. ලතින් ඇමෙරිකානු සහ යුරෝපියානු සාහිත්‍ය සිංහල බසට පරිවර්තනය වූ මුල් යුගයේ කුන්දේරා ගේ ”පියාපතක් වන් ජීවිතයක්” (The Unbearable Lightness of Being) කෘතිය මෙරට සාහිත සමාජයේ එක් රික්තකයක් පුරවා ලූ බව නිසැකය.

ප්‍රංශයේ ජීවත්වෙන චෙක් ජාතික මිලාන් කුන්දේරා අද ලොව සිටින ප්‍රබලතම ලේඛකයෙකි. 1929 අප්‍රේල් මස පළමු වනදා චෙකොස්ලොවැකියාවේ උපත ලද ඔහු සිය පළමු කාව්‍යය ලීවේ පාසල් යන අවධියේදීමය. 1952 වසරෙදී ප්‍රාග්නුවර චාල්ස් සරසවියෙන් සංගීත විද්‍යාව, චිත්‍රපටකරණය, සාහිත්‍යය හා සෞන්දර්ය විෂයයන් හදාරා උපාධිය ලැබූ ඔහු සිය පළමු කෘතිය 1953 දී ප්‍රකාශයට පත් කළේය එය Man: A Broad Garden නම් ගේය කාව්‍ය කෘතියයි. මේ වන විට චෙක් සාහිත්‍යය වෙලාගෙන සිටි සමාජවාදී යථාර්ථයට එය සෘජුවම එරෙහිවූ අතර ඔහුගේ සියලූ නිර්මාණ තුළ ඒ අසම්මතවාදී ස්වරූපය කැපී පෙනෙයි.

පසුව 1955 දී The Last May නමින්ද, 1957 දී Monologues නමින්ද, ඔහු කාව්‍ය සංග්‍රහ දෙකක් නමින්ද, ඔහු කාව්‍ය සංග්‍රහ දෙකක් පළ කළේය. 1950 දශකයේ ඔහු පළ කළේය. .1950 දශකයේ ඔහු පරිවර්තකයකු ලිපි රචකයකු හා නාට්‍ය රචකයකු වශයෙන් කටයුතු කළේය. ඔහුගේ මුල් නිර්මාණයන් කාව්‍ය වුවත් ඔහු පළමුවරට පාඨකයා අතර ප්‍රබල අයුරින් ස්ථාපිත වූයේ ඔහුගේ පළමු කෙටි කතා සංග්‍රහය වූ Laughable Loves 1974 දී පළවීමත් සමඟය. 1958-68 කාලාන්තරයේ ලියූ කෙටි කතා ඊට ඇතුළත් විය. ඔහුගේ පළමු නවකතාව 1967 පළවූ Joke කොලොප්පම නමි. නවකතාවයි දෙවන නවකතාව 1969/70 දී පළ වූ Life is Else-where ය. ඔහුගේ ඊළඟ 1970/71 දී The Farewell Waltz නමින් පළ විය. නිර්මාණකරණයේ වූ අසම්මතවාදී ස්වරූපය නිසා 1979 දී ඔහුගේ චෙකොස්ලෝවැකියානු පුරවැසිභාවය අහෝසි කරනු ලැබිණී. විශේෂයෙන්ම ඒ 1978 දී පළ වූ The Book of Laughter and Forgetting නවකතාව හේතුකොට ගෙනය. අනතුරුව ඔහුගේ සියලූ කෘති චෙකොස්ලෝවැකියාවේ තහනමට ලක්විය. 1975 දී පටන් ප්‍රංශයේ රෙනස් සරසවියේ ආරාධිත මහාචාර්යවරයකු වශයෙන් සේවය කළ කුන්දේරා, ඒ වසරේ පටන්ම ප්‍රංශයේ ජීවත්ව සිටියේය. 1981 දී ඔහුට ප්‍රංශයේ පුරවැසිභාවය ලැබිණී.

1982 දී ඔහුගේ අනෙක් නවකතා කෘතිය පළවිය ඒ Unberable Lightness of Being ය. 1985 වසරේ පටන් පුවත්පත් සඳහා තමාම ලියූ සම්මුඛ සාකච්ඡා සැපයීමද ඔහුගේ විශේෂත්වයක් විය. මීට හේතුව ඔහු කරන ප්‍රකාශ පුවත්පත් වැරදි ලෙස හුවා දැක්වීමයි. 1986 දී ඔහු ප්‍රංශයේ සිට කළ පළමු කෘතිය The Art
Of The Novel පළ විය .එය අදටත් බොහෝ සාහිත්‍ය දරයනට අත්පොතක් වෙයි. පළමු වරට ප්‍රංශ බසින් ලියූ Immortality නවකතාව ඔහු 1988 දී ප්‍රකාශයට පත් කළේය. පිළිවෙළින් 1994 දී Slowness නමින්ද, 1996 දී Identity නමින් ද ඔහු තවත් නවකතා දෙකක් පළ කළේය. තවද 2000 දී Ignorance නම් නවකතාවද පළ කළේය. කුන්දේරාගේ The Unbearable Lightnness of Being කෘතිය “පියාපතක් වන් ජීවිතයක්” ලෙසද Life is Else Where කෘතිය “ජීවිතය අන්තැනක” ලෙසද Joke කෘතිය “කොළොම්ප්පම” ලෙසද සිංහලට පරිවර්තනය වී තිබේ.

ජීවිතය අන් තැනක මිලාන් කුන්දේරා

කුන්දෙරා නාට්‍යකරුවකුද වන අතර ඔහු නාට්‍ය 4 ක් ලියා තිබේ. 1962 දී The Owners of The Keys, 1969 දී The Owners of The Keys, 1968 දී Two Ears, Two Weddings (Slowness), 1969 දී The Blunder නාට්‍ය සතරයි. මිලාන් කුන්දේරා ජාත්‍යන්තර සම්මාන රැසක් ද හිමිකර ගත්තෙකි. ඒ අතර 1981 දී ඇමෙරිකානු කොමන්වෙල්ත් සම්මානයද, 1982 දී යුරෝපීය සාහිත්‍ය ත්‍යාගයද, 1985 දී ජෙරුසලම් ත්‍යාගයද, 1987 දී යුරෝපීය සාහිත්‍යය වෙනුවෙන් ඔස්ට්‍රියානු රජයේ ත්‍යාගයද වෙයි.

ප්‍රශ්නය – ඔබ ඔබට වයස අවුරුදු 46 සිට ආසන්න වශයෙන් වසර දහයක පමණ කාලයක් ජීවත් වන්නේ ප්‍රංශයේ ඔබට ඔබ දැනෙන්නේ සංක්‍රමණිකයෙක් විදියටද? ප්‍රංශකාරයෙක් හෝ චෙක් ජාතිකයෙක් විදියටද? එසේ නැත්නම් නිශ්චිත ජාතිකත්වයක් නැති නිකම්ම නිකම් යුරෝපීයකු විදියටද?

පිළිතුර – 1930 ගණන් වල ජර්මානු බුද්ධිමතුන් ජර්මනිය අත් හැරදාලා ඇමෙරිකාවට පලාගියා.ඔවුන්ට සහතික වුණා තමන් කවදා හෝ දිනෙක නැවත ජර්මනියට ළඟා වෙනවා කියල. ඔවුන් තමන්ගේ විදේශ ගතවීම සැලකු වේ තාවකාලික විදියට. එහෙත් මගේ නම් ආපසු සිය රටට එනවා කියල කිසිම බලාපොරොත්තුවක් නැහැ. ප්‍රංශයේ මා නැවතීම ආයෙ වෙනසක් වෙන්නෙ නෑ, ඉතින් මම සංක්‍රමණිකයෙක් නෙවෙයි. ප්‍රංශය දැන් මගේ එකම මව්බිමයි. ඒවාගේම මා මුල් ඉදිරිනු පුද්ගලයකු කියා හෝ මට සිතෙන්නේ නැහැ. වසර දහසක පමණ කාලයක් තිස්සේ චෙකොස්ලෝවැකියාව පැවතුණේ බටහිර කොටසක් විදියට. අද එය නැගෙනහිර අධිරාජ්‍යයක කොටසක්. මට හිතෙන්නෙ චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග්නුවර ජීවත්වෙන එක පැරීසියේ ඉන්නවාට වඩා බොහෝ සෙයින් මුල් ඉදිරුණු තත්ත්වයක්.

ප්‍රශ්නය – නමුත් ඔබ තවමත් චෙක් බසින්…?

පිළිතුර – මා මගේ ශාස්ත්‍රීය රචනා ලියන්නේ ප්‍රංශ බසින්. නමුත් නවකතා ලියන්නේ චෙක්බසින්.මොකද, මගේ ජීවිත අත් දැකීම් හා මගේ කල්පනා ලෝකය මුල් බැස තිබෙන්නේ ප්‍රාග් වල, බොහීමියාවේ.

ප්‍රශ්නය – ඔබටත් පෙරාතුව The Fireman’s Ball වැනි චිත්‍රපට හරහා බටහිර ප්‍රේක්‍ෂකයා අතරට චෙකොස්ලෝවැකියාවේ නාමය ගෙන යනු ලැබුවේ මිලෝස් ෆෝමන් විසිනුයි…?

පිළිතුර ඇත්ත වශයෙන් ප්‍රාග්වල ආත්මය වශයෙන් මා හඳුන්වන දේ කාවැදුණු පුද්ගලයෙක් තමයි ඔහු. ඉවාන් පාසර්, යාන් නෙමෙක් වැනි අනෙකුත් චිත්‍රපටකරුවනුත් එහෙමයි. මිලෝස් පැරිසියට එනවිට සැමෙකෙක්ම පළමුව කම්පනයටත්, පසුව ආකර්ෂණයටත් පත් වෙනවා. සුප්‍රකට චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු උඩඟු කමින් තොරව ඒ සා සාමාන්‍ය අයුරින් හැසිරීම විය හැක්කේ කෙසේ ද? ඇත්තෙන් ම Galeries Lafayefte හි වෙළෙඳ සේවිකාවක් වත් පැරිසියේ දී සාමාන්‍ය අයුරින් හැසිරෙන්න දන්නෙ නෑ. ඉතින් ෆෝර්මන්ගේ සරල සාමාන්‍ය විලාසය සෙසු අය කුපිත කරවන්නක් වැනි වුණා.

ප්‍රශ්නය – ප්‍රාග්වල ආත්මය (Spirit of Prague) යන්න ඔබ අර්ථ දක්වන්නේ කෙසේද?

පිළිතුර – කෆ්කාගේ The Castle, යරෝස්ලාව් හාසෙක්ගේ The Good Soldier Schweik යන කෘති දෙකම ඒ මා කී ආත්මයෙන් පිරී තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම යථාර්ථය පිළිබඳව අපූර්ව, අසාමාන්‍ය හැඟීමක්. එය සාමාන්‍ය මිනිසාගේ දෘෂ්ටියක්. එසේම එය පහත සිට දකින ඉතිහාසය පිළිබඳ චිත්‍රයක්. කුප්පනසුළු සරලභාවයක්. අභව්‍ය සිදුවීම් මැවීමට ඇති සුවිශේෂ ප්‍රතිභාඥානයක්, අසීමිත සර්ව අසුභවාදයෙන් යුතු හාස්‍යයක්. ඒ විදියට මට එය හඳුන්වන්න පුළුවන්.

නිදසුනකට, චෙක් ජාතිකයෙක් රටින් පිටව යෑමට වීසා පොතක් ඉල්ලනවා. එවිට නිලධාරියා ඔහුගෙන් අසනවා. ඔබ යන්න ඕනෑ මොන රටටද? කියලා. ඔහු මෙසේ උත්තර දෙනවා. කොහේ ගියත් එකයි. එවිට නිලධාරියා ඔහුට ලෝක ගෝලය අතට දී කරුණාකර තෝර ගන්න ඔබ යන රට යැයි කියලා. මිනිසා ලෝක ගෝලය දෙස බලා එය සෙමෙන් සෙමෙන් කරකවමින් මෙසේ විමසනවා. ඔහේ ළඟ වෙනිත් ලෝක ගෝලයක් නැත්ද?

ප්‍රශ්නය – ඔබේ ප්‍රාග්වල කෑවැදුනු මුල් හැරුණු විට ඔබගේ නිර්මාණ හැඩගැසීමට බලපෑ ඔබ කැමති අනෙකුත් සාහිත්‍යධරයන් කවුද

පිළිතුර – ප්‍රථමයෙන් ඒ ප්‍රංශ නවකතාකරුවන් වන රබෙලායිස් (Rabelais) සහ ඩිඩරෝට් (Dederot) යන දෙදෙනාය. මා නම් සිතන්නේ ප්‍රංශ සාහිත්‍යයේ රජු, එහි සැබෑ පුරෝගාමියා තමයි රබෙලායිස් එසේම ඩිඩරෝට්ගේ “Jacques le Fataeliste” කෘතිය රබෙලායිස්ගේ ජීවය (Sprit) 18 වෙනි සියවසට ගෙනැවිත් තිබෙනවා. හැබැයි ඩිඩරෝට් දාර්ශනිකයකුව සිටියාය යන කරුණත් සමග ඔබ එය වරදවා වටහාගන්න එපා. මේ නවකතාව හුදු දර්ශනික අනුශාසනාවකට ලඝු කරන්න බැහැ. එය උත්ප්‍රාසමය නාට්‍යයක්.(A Play of Irony) එය එදාමෙදා තුර ලියූ නිදහස්ම නවකතාවයි එහිදී නිදහස නවකතාවකට හැරෙනවා. මම එයින් ළඟදී වේදිකා අනුවර්තනයක් කළා Jacques and His Master යනුවෙන්. එය වේදිකාවට නිෂ්පාදනය කරනු ලැබුවේ ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ප්‍රාන්තයේ කේම්බි්‍රජ් හි සුසාන සොන්ටාග් විසිනුයි. නාට්‍යය ජනවාරියේදී ඉදිරිපත් කළේ American Repertoy Theater සමාගම මගිනි.

ප්‍රශ්නය – ඔබේ නිර්මාණකරණයට බලපෑ අනෙකුත් සාධක මොනවාද?

පිළිතුර – විශේෂයෙන් ඒ අපේ සියවසේ මධ්‍යම යුරෝපීය නවකතාවයි. කෆ්කා, රොබට් මුසිල්, හර්මාන් බ්‍රොක්, විටෝල්ඩ ගොම්බ්‍රොවික්ට්ස් ආදීන්ගේ නවකතාවයි. මේ නවකතාකරුවන් අන්ද්රේ මල්රවුක්ස් ‘ගීතමය මායාවන්’ (Lyric Illusions) ලෙස හඳුන්වන දේවල් කෙරෙහි අදහාගත නොහැකි තරම් අවිශ්වාසයක් පළ කරපු අය. දියුණුව සම්බන්ධයෙන් ඇති මායාවන් ඔවුන් විශ්වාස කළේ නෑ. බලාපොරොත්තුවේ අවස්ථාවට නොගැළපෙන හැසිරීම් ඔවුන් විශ්වාස කළේ නෑ. බටහිර පිරිහීම ගැන ඔවුන් (සිය නිර්මාණ ඔස්සේ) දක්වන ශෝක සන්තාප සමග මාත් එකතු වෙනවා. හැබැයි ඒ ශෝක සන්තාප හැඟීම්බරව මුර ගා කරන ශෝක ප්‍රකාශ සංවාදයක් නෙවෙයි. එය උත්ප්‍රාසයෙන් පළ කරන ශෝක ප්‍රකාශයක්. ඊළඟට මට බලපෑ තුන්වැනි සාධකය තමයි වර්තමාන චෙක් කාව්‍යය. මට නම් එය පරිකල්පනය පිළිබඳ මහා ශික්ෂණයක් වුණා.

ප්‍රශ්නය – ඔබට බලපෑ නූතන චෙක් කවීන් අතර යරොස්ලාට් සායිෆර්ටුත් සිටිනවාද? 1984 වසරේ ලැබූ නොබෙල් සාහිත්‍ය සම්මානයට ඔහු ඇත්තටම සුදුසුද?

ජීවිතය අන් තැනක මිලාන් කුන්දේරා

පිළිතුර – සැබැවින්ම සුදුසුයි. ඔහුගේ නම මුලින්ම නොබෙල් සාහිත්‍ය සම්මානයට යෝජිත වූ බව පැවසෙන්නෙ 1968 වසරේදීයි. නමුත් එවර ජූරිය එක් දෙයක් කෙරේ විමසිලිමත් වුණා. එනම් ඔහුට එවර නොබෙල් ත්‍යාගය පිරිනැමුවොත් එය නොබෝදා බලෙන් අ්ලාගත් රටකට ආත්මානුකම්පාව පතා දුන් ත්‍යාගයක් විදියට සැලකීමට ඉඩ ඇතැයි ජූරිය සිතුවා. (1968 වසරේදී චෙකොස්ලෝවැකියාව රුසියාව විසින් බලෙන් ආක්‍රමණය කරනු ලැබිණි.) අවසානයේ ඒ ත්‍යාගය ඔහුට හිමි වන විට ගොඩක් ප්‍රමාද වැඩි වුණා. නින්දාවට හා අවමානයට ලක්වූ චෙක් ජනතාවටත් එය ප්‍රමාද වැඩි වුණා. සිය ස්වර්ණමය යුගය බොහෝ කලකට ඉහත නිම වූ චෙක් කාව්‍යයටත් එය ප්‍රමාද වැඩි වුණා. එය ලැබෙන විට 83 හැවිරිදි තරම් වයසක පසු වූ සායිෆර්ටත් ප්‍රමාද වැඩි වුණා. ස්වීඩන් තානාපතිවරයා සායිෆර්ට්ට නොබෙල් ත්‍යාගය හිමි වන බව පැවැසීමට ඔහුගේ රෝහල් ඇඳ වෙත ගියවිට සායිෆර්ට් බොහෝ වේලාවක් ඔහු දෙස බලා සිටි බව කියැවෙනවා. අවසානයේ ඔහු ශෝකයෙන් වෙලී මෙසේ කියා තිබෙනවා. උ

ප්‍රශ්නය – රුසියානු සාහිත්‍යය ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? තවමත් ඔබට එය සංවේදී වෙනවාද? එසේ නැත්නම් 1968 දී සිදුවූ දේශපාලනික සිදුවීම් නිසා ඒ කෙරෙහි ඔබට පිළිකුලක් දැනෙනවාද?

පිළිතුරු – මම ටොල්ස්ටෝයිට ගොඩක් කැමතියි. දොස්තොයෙව්ස්කිට වඩා ඔහු සෑහෙන නූතනවාදී බවක් දරනවා. මිනිස් හැසිරීම් තුළ ඇති අතාර්කික ස්වයංසිද්ධභාවී ස්වරූපය ඇතැම් විට පළමු වරට ග්‍රහණය කරගත් ලේඛකයා ටෝල්ස්ටෝයි විය හැකියි. එනම්, උමතුව මගින් වන ක්‍රියාකාරිත්වය හෙළි කළ පළමු ලේඛකයායි. එහෙත් ඒ ක්‍රියාකාරිත්වය බොහෝ දුරට ඇතිවනුයේ පාලනය නොවන හා පාලනය කළ නොහැකි යන ද්වයෙන්ම යුත් උපවිඥානයක් මගින් හසුරුවනු ලබන මිනිස් ක්‍රියාකාරකම්වල අවිනිශ්චිත ස්වරූපය නිසයි.

“ඇනා කැරනිනා” කෘතියේ ඇනා කැරනිනාගේ මරණයට පෙර තිබෙන ඡේද කීපය නැවත කියවන්න. තමාට ඇත්තටම මියයෑමට වුවමනාවක් නැතිව, ඈ සිය දිවි නසා ගත්තේ ඇයි? ඇගේ හදිසි තීරණය පැන නැංගේ කෙසේ ද? මේ අතාර්කික, හරියටම ග්‍රහණය කර ගත නොහැකි හේතු පෙන්වීමට ටොල්ස්ටෝයි ඇනාගේ අභ්‍යන්තර සිතුවිලි දහරාව මෙහිදී නිරූපණය කර දක්වනවා. ඇය සිටින්නේ දුම්රිය මැදිරියක. වීදියේ ප්‍රතිබිම්බ සමග ඈ තුළ පහළ වන හේතු ඵල සම්බන්ධයක් නැති, අසම්පූර්ණ සිතුවිලි ඇගේ හිස තු ළ එකිනෙක මිශ්‍ර වෙනවා. ඇත්තෙන්ම චරිතයක අභ්‍යන්තර ආත්ම භාෂණයේ (Interior Monologue) පළමු නිර්මාපකයා ජොයිස් නොවෙයි. ටොල්ස්ටෝයි. ‘ඇනා කැරනිනා’ නවකතාවේ මේ පිටු කීපය තුළින් එය පැහැදිලි වෙනවා. එහෙත් කෙනෙක් එය හරියට

හඳුනාගන්නේ කලාතුරකිනුයි. මොකද, ටෝල්ස්ටෝයිගේ කෘති පරිවර්තනය කරල තියෙන්නෙ හරිම සවුත්තුවට. වතාවක් ‘ඇනා කැරනි නා’ ගේ ප්‍රංශ පරිවර්තනයක මේ ඡේද කීපය මම කියෙව්වා. ඇත්තෙන්ම මා මවිතයට පත්වුණා. මුල් රුසියානු කෘතියේ වූ හේතුඵල සම්බන්ධයක් නැති, අතාර්කික, අසම්පූර්ණ දේ මේ ප්‍රංශ පරිවර්තනයේ දී තාර්කික සම්පූර්ණ දේ බවට පත් කරලා. හරියට ජේම්ස් ජොයිස්ගේ ‘යුලියස්’ නව කතාවේ අවසන් පරිච්ඡේදය නැවත ලියුවා වගෙයි. එහි මෝලි බ්ලූමන් චරිතයේ තමාටම කියා ගන්නා දීර්ඝ කථනය පසුව ලිවීමේදී තාර්කික සාම්ප්‍රදායික විරාම ලකුණු ක්‍රමයක් බවට පත් වෙනවා. ඇත්තටම අපේ පරිවර්තකයෝ අපව පාවා දෙනවා. අපේ මුල් කෘතියේ පවතින අසාමාන්‍ය ස්වරූපය, නුහුරු නුපුරුදු ස්වරූපය, මූලික ස්වරූපය ඔවුන් පරිවර්තනය කරන්න යන්නේ නැහැ. ඔවුන්ගේ පරිවර්තනය දුර්වල යැයි කියා විවේචකයන් ඔවුන් විවේචනය කරතියි ඔවුන් බයයි’ ඒ නිසා තමා ඉන් ආරක්‍ෂා වීමට ඔවුන් අප හෑල්ලූවට ලක් කරනවා. ඇත්තෙන් ම මගේ පොත්වල පරිවර්තකයන්ගේ වැරදි අඩුපාඩු හැදීමට මම කොතරම් නම් කාලයක්, ශ්‍රමයක් නාස්ති කරනවද කියල ඔබ දන්නේ නෑ.

අන්තර්ජාලය ඇසුරින්

පරිවර්තනය
රවීන්ද්‍ර විජේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment