ජනපතිගේ සිට මන්ත‍්‍රී දක්වාම මේ ආණ්ඩුව සහමුලින්ම ෆේල් – සජිත් පේ‍්‍රමදාස

84

ගුරු විදුහල්පති වර්ජනය දෙස වෛරයෙන් බලන ආණ්ඩුව, අනතුරට දමා ඇත්තේ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

ආණ්ඩුවම ගෙන ආ සුබෝධනී වැටුප් කොමිසමට පයින් ගසන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇතැයි කී විපක්ෂ නායකවරයා මේ තුළින් මේ රටේ හතළිස් ලක්ෂයකට වැඩි දරුවන්ගේ අනාගතය සහ වර්තමානය සමග ආණ්ඩුව සෙල්ලම් කරමින් සිටින බවත් එය කිසිසේත්ම මේ රටේ ගුරු පරම්පරාවේ වරදක් නොවන බවත් කීවේය.

මේ ආණ්ඩුව පැමිණි දා සිටම ජනතාව කළේ කැපකිරීම් බවත් ඒ වෙනුවට ආණ්ඩුව ජනතාවට දුන් ත්‍යාග වූයේ හතළිස් වසරකට පසු පෝලිම් යුගයක් බිහි කොට ජනතාව පෝලිමේ තැබීම බවත් ජනතාව අප‍්‍රමාණ දුක් වේදනා උහුලමින් කෙළවරක් නැති කැපකිරීම් කරන අතරේ ආණ්ඩුව ඉල්ලන ඉල්ලන සියල්ල ලබාදීමට ජනතාව කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරයා දක්වාත්,  අගමැතිවරයාගේ සිට මේ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා දක්වාත් සහමුලින්ම අසමත් යැයි ද හෙතෙම කීවේය. විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මේ බැව් පැවසුවේ ඊයේ (18දා) හම්බන්තොට කොට්ඨාස සමගි ජනබලවේග ප‍්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

හම්බන්තාට – නන්ද වික‍්‍රම
 

advertistmentadvertistment
advertistmentadvertistment