නොවැම්බර් මුල් දෙසතියට සංචාරකයන් 19,222 ක් ඇවිත්

181

නොවැම්බර් මාසයේ මුල් දෙසතිය තුළ සංචාරකයන් 19,222 දෙනකු ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉන්දියාව, මාලදිවයින, පාකිස්තානය, රුසියාව, ප‍්‍රංශය, කැනඩාව, ජර්මනිය, ඇමරිකා එක්සත් ජනපදය, ස්විට්සර්ලන්තය වැනි රටවල්වලින් මෙම සංචාරකයන් පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය.

එමෙන්ම පසුගිය ජනවාරි මාසයේ සිට සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසු මේ දක්වා සංචාරකයන් 80,310 දෙනකු මෙරටට පැමිණ ඇතැයිද ඔහු පැවසීය.

පැලැස්තර විසඳුම් මගින් කොවිඞ් හේතුවෙන් බිඳවැටුණු සංචාරක කර්මාන්තය ගොඩනැඟිය නොහැකි බවත්, බිඳවැටුණු සංචාරක කර්මාන්තය ගොඩ නැඟීමට එන්නත්කරණය වැනි සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් තුළ රට සංචාරකයන්ට විවෘත කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මිනුවන්ගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment