ඇන්. ඇම්. ජන්ම දින සමරුව අද

69

මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී නායකයකු මෙන්ම රටට විශාල මෙහෙවරක් කළ කෘතහස්ත දේශපාලනඥයකු ද වූ දිවංගත ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ 118 වැනි ජන්ම දින සමරු උළෙල අද (6 දා) ප.ව. 1.00 ට රාජගිරියේ ඇන්. එම්. පිළිරුව අභියසදී පැවැත්වීමට ආචාර්ය ඇන්. ඇම්. අනුස්මරණ භාරකාර අරමුදල කටයුතු යොදා තිබේ.

එදින ප.ව. 2.00 ට බොරැල්ල ඇන්. එම්. පෙරේරා කේන්ද්‍රයේදී ඇන්. එම්. විසඳුම් දුන් 1972/73 ආර්ථික අර්බුදය එදා සහ අද මෙවර ප්‍රධාන තේමාව වන අතර ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, කොළඹ විශ්වවිiාලයේ ආර්ථික විiා මහාචාර්ය ඉන්ද්‍රජිත් අපෝන්සු, මහ බැංකුවේ හිටපු අධිපතිවරයකු වූ මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මෙහිදී දෙසුම් පවත්වති.

advertistmentadvertistment
advertistmentadvertistment