නොකඩවා 16 වන වරටත් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම වෙළඳ නාමය සිංගර්

86

යෞවනයේ ජනප‍්‍රියතම වෙළඳ නාමය මෙන්ම පාරිභෝගික භාණ්ඩ සදහා වූ ජනප‍්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානද මෙවරත් සිංගර් වෙත

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරන ලද 2022 SLIM-KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වන වරටත් ශ‍්‍රි ලංකාවේ ජනප‍්‍රියතම වෙළඳ නාමයට (People’s Brand of the Year) හිමි සම්මානයෙන් සිංගර් පිදුම් ලැබීය.

එමෙන්ම සිංගර්, ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම පාරිභෝගික භාණ්ඩ සිල්ලර වෙළෙද ජාලය ලෙස සිය ස්ථාවරය යළි තහවුරු කරමින් ”පාරිභෝගික භාණ්ඩ සදහා වූ ජනප‍්‍රියතම වෙළඳ නාමයට” (Durable brand of the year) හිමි සම්මානය ද දිනා ගැනීම සුවිශේෂී වේ. තවද යෞවනේ ජනප‍්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානය (Peoplezs Youth Choice Brand of the Year) සිංගර් දිනා ගැනීම පිටුපස තිබෙන ප‍්‍රධාන බලවේග ලෙස වර්තමාන වෙළෙඳපොළට වඩාත් උචිත නවෝත්පාදන හා නව්‍ය අලෙවිකරණ සහ සන්නිවේදන උපාය මාර්ග භාවිතය ලෙස හැඳින්විය හැකියි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පවසා සිටියේය. 2022 SLIM KANTAR ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 16 වන වරටත් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම වෙළඳ නාමයට හිමි සම්මානය ඇතුළුව සම්මාන ත‍්‍රිත්වයක් හිමිකර ගැනීමට සිංගර් සමාගමට හැකිවීම විශාල ගෞරවයක්. වසර 16 ක් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියතම වෙළඳ නාමයට හිමි කිරුළ රැක ගැනීමට හැකි වීම මගින් පැහැදිලි වන්නේ අපේ රටේ ජනතාව සිංගර් කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසයයි. ශ‍්‍රී ලාංකේය පාරිභෝගිකයන් හට තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ හා සේවා වෙළෙඳපොලට ඉදිරිපත් කිරීමට අපගේ සියලූම සේවා කණ්ඩායම් ඉතාම කැපවීමෙන් ක‍්‍රියා කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම සම්මාන ජයග‍්‍රහණය මා හැඳින්වීමට කැමතියි. මෙම සුවිශේෂී ජයග‍්‍රහණයේ පූර්ණ ගෞරවය අපගේ සියලූම සේවක මණ්ඩලයටත් අප හා අත්වැල් බැඳගෙන සිටින වටිනා පාරිභෝගිකයින් හට මා පුදකර සිටිනවා.”

සිංගර් ශ‍්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා මෙසේ පවසා සිටියේය.”ශ‍්‍රී ලාංකේය ජනතාව විසින් අපට පිරිනමන ලද මෙම සම්මාන පිළිබඳව අපි සැබවින්ම ආඩම්බර වෙනවා. මෙම සම්මාන ජනතා හදවතේ සැබෑ පිළිබිඹුවක් වන අතර මෙම සම්මාන ලබා දීම වෙනුවෙන් අපගේ වටිනා පාරිභෝගිකයින්ට ස්තූතිවන්ත වෙනවා. ඒ මන්ද යත් ඔවුන් නොමැතිව මෙය අපට හිමි නොවන නිසාවෙනි. ඒවගේම පාරිභෝගිකයන්ට උසස් ජීවන තත්වයක් ලබා දීමේ අරමුණ සාක්ෂාත් කිරීමට අපි නිරතුරු වෙහෙසෙනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment