කන්දක් නාය ගොස් STF හයකට තුවාල

278

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පස් කන්දක් නායයාම හේතුවෙන් එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හයදෙනකු තුවාල ලබා රෝහල්ගතකර තිබේ. පින්නදූව සහ ඉමදූව අතර 102වන කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ගය දෙපසම කඳු මෙලෙස ඊයේ රාත්‍රියේ නායගොස් ඇත. එම කඳු ප්‍රදේශවල ඉහළ සිටින පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථානය කරා යොමුවන ලෙසත් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment