නාදගමේ රිද්මගේ මොකක්ද මේ ඈ හා

103

ජීවිතේට හරි අය මුණගැසුණු නිසා හීන හැබෑ වුණා

කුවේණි ර්‍ණ නාඩගම් ගීය” විරාමයේ” සොබනා වැනි මෑත කාලීනව අතිශය ජනප්‍රියත්වයට පත් ගීත එළිදැක්වූ නව පරපුරේ සිටින අපි හැමෝම ආදරය කරන ගායකයෙක් තමයි “රිද්ම වීරවර්ධන” කියන්නෙ. ඉතින් මේ දවස්වල රිද්ම අලුත් වැඩක් කරන්න සූදානමින් ඉන්නවා කියලා අපිට ආරංචි වුණා. ඒ තමයි රිද්මගේ කුළුඳුල් solo concert එක “ඈ හා”. ඉතින් මේ අලුත් වැඩේ මොකක්ද කියලා තව තවත් විස්තර දැන ගන්න අපි මෙවර මීවිතට රිද්ම ව සම්බන්ධ කරගත්තා.

රිද්ම මුලින්ම “ඈ හා” කොන්සර්ට් එක ගැන කතා කරමුද?

“ඈ හා” concert එක මගේ පළමු solo concert එක. මම දැන් අවුරුදු තුනක්” හතරක් තිස්සේ එකතු වෙච්ච එක එක ආටිස්ට්ලත් එක්ක කරපු ගීත ටිකක් තමයි මේකේ තියෙන්නේ. මට එක කාලයක් තිබුණා වේදිකාවක ගීත ගායනා කරන්න ගීත ටිකක් නොතිබුණු අවස්ථා. අන්න ඒ වෙලාවෙ තමයි මම මේ ආර්ටිස්ට්ලත් එක්ක එකතු වෙලා මේ වැඩ ටික කරන්නේ. ඒ වුණාට ටික කාලයක් ගියා ඒ ටික ඒ විදියට හැදිලා මේ තැනට එන්න. ඒකෙ ගීත 12 ක් තියෙනවා. මේ ඇල්බම් එකත් එක්කම තමයි කල්පනා වෙන්නේ concert එකක් කරලම ගීත එළියට දාන්න ඕනෑ කියන එක. ඉතින් වැඩේ පටන් ගත්ත තැනට වැඩිය හොඳ තැනකට තමයි දැන් මේ ඇවිල්ල තියෙන්නෙ.

නාදගමේ රිද්මගේ මොකක්ද මේ ඈ හා

රසිකයන්ට “ඈ හා” වෙනස්ම අත්දැකීමක් වෙයි ද?

ඔව්” ඇත්තටම වෙනස්ම විදියේ වැඩක් කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. musically rich විදියට කරන්න තමයි ගොඩක්ම බලාපොරොත්තු වෙන්නේ. ශබ්දය ලස්සනට දැනෙන්න සිංදුව අහන්න සලස්වන්න ඕනේ. පසුගිය දවස්වල කොන්සර්ට්වලට ඇත්තටම ගිහිල්ලා සින්දුවක් කියලා සතුටින් ගෙදර එන්න බැරි තත්ත්වයක තමයි මම හිටියේ. මොකද ඒ හැම concert එකකම සද්දෙ නිකන් එක වගේ” සිංදුව බයිලා විදිහට නටන්නම තමයි” කොහොම හරි බලන්නේ. අපේ නාදගම” කුවේණි concert එකට මිනිස්සු එන්නේ ඇත්තටම සිංදු අහලා රසවිඳින්න. අන්න ඒ වෙනස කරන්න තමයි මට ඕනේ. ඉතින් ඒ වගේ වාඩිවෙලා ඉඳගෙන” භාවනාවක් වගේ අහන්න පුළුවන් වැඩක් කරන්න තමයි මම උත්සාහ කරන්නේ. මේක මම තනියම කරන වැඩක් නිසා කම්මැලි වෙන්න දෙන්නෙ නැතුව කරන්නත් ඕනේ. මොකද ශබ්දය ලස්සන වුණාට වැඩක් නැහැ. ඉතින් කොහොමද මේක හොඳට කරන්නේ කියලා බලනකොට තමයි මම හිතුවේ වෝල් එකට සින්දු කනෙක්ට් කරලා කතාවක් විදියට යවන්න. එතකොට තමයි මේක visually ලස්සන හොඳ ආතල් වැඩක් වෙන්නේ.

නාදගමේ රිද්මගේ මොකක්ද මේ ඈ හා

තේමාව හැදෙන විදිය ගැන කතා කළොත්?

ඒ ගීතවල කුමක් හෝ සම්බන්ධයක් තියෙනවා අහසත් එක්ක. ඒ ගීත තමයි” සඳ එළිය” ආකාසේ ඉඳලා” වළාකුලක් සහ සරුංගලේ. ඉතින් ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. ‘ඈ හා. ගීතයෙනුත් අදහස් කළේ සඳ ගැන. ඒකත් අහසට සම්බන්ධයි. අන්තිමට එහෙම අහස ගැන තේමාවක් හැදුනා. ඒ තේමාව ගැන අපි ගොඩ දෙනෙක් එකතු වෙලා කතා කරලා තමයි video concept එකක් කළේ.

කොන්සර්ට් එකක් කරනවා කියන්නේ ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ අභියෝගයට මුහුණ දෙන්නෙ කොහොමද?

ඔව්” ඒක ඇත්තටම අමාරු දෙයක්. මේක මම තනියම කරන දෙයක්. ඉතින් ඒක නිසා මූල්‍යමය වගේ දේවල් කරගන්න ඇත්තටම අමාරුයි. සල්ලි කොහොම හරි හොයාගෙන” හොඳ ෂෝ එකක් කරන්න තමයි මට ඕනේ.

රිද්මට මේ වැඩේට සහයෝගය ලබාදෙන්නෙ කවුද?

ස්පොන්සර් කෙනෙක් කියලා තාම නැහැ. ඒක කතා කරගෙන යනවා මේ දවස්වල. නාදගම කණ්ඩායමේ ඔක්කොමල ඉන්නවා මගේ පිටිපස්සෙන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන මෙතුන්” භාග්‍යා සහ මගේ හොඳම යාළුවා හසිත්ව. ඊට අමතරව මේ වැඩේ පටන් ගත්ත මුල ඉඳලා අද වෙනකන්ම මෙච්චර දුරට ඇවිල්ල තියෙන්නේ රනුල නිසා. මොකද මේක හරි බැරෑරුම් කාර්යයක්” මේ වැඩේ තාක්ෂණික පැත්තකුත් තියෙනවා.

“ඈ හා” සම්බන්ධ වන රසිකයන්ට විශේෂ තෑග්ගකුත් දෙනවා නේද?

ඔව්. ‘ඈ හා. කොන්සර්ට් එකට ටිකට් ගන්න කෙනාට ටෝකන් එකක් වගේ සුවිශේෂී ප්‍රවේශයක්” ඒ කියන්නේ තෑග්ගක් ලබා දෙනවා මගේ ඇල්බම් එකට. ඒ අවස්ථාව ලැබෙන්නේ හැබැයි ටිකට්ස් තියෙන අයට විතරයි. ඒ ගැන තව දුරටත් විස්තර මගේ www.Ridmaw.com වෙබ් සයිට් එකේ තියෙනවා.

ආදරණීය රසිකයන්ට ආරාධනා කරමු “ඈ හා” බලන්න එන්න කියලා.

අප්‍රේල් මාසයේ 29 සහ 30 යන දිනයන්වල සවස 6.30 සිට කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ තමයි මගේ “ඈ හා” කොන්සර්ට් එක පැවැත්වෙන්නේ. ඉතින් මම ආදරෙන් ඇරයුම් කරනවා හැමෝටම ඒ දිනයන්වල එන්න කියලා.

හැමෝටම ජීවිතේ හීන තියෙනවනේ. රිද්මගේ ජීවිතේ දැකපු හීන අද කොයිතරම් දුරට සැබෑ වෙලා තියෙනවද?

මම හිතන්නෙ හීනවල තමයි ජීවත් වෙන්නෙ මම. එක හීනයක් තමයි මේ සැබෑ කරගන්න යන්නේ. මෙච්චර ඉක්මනට ඒ හීනේ හැබෑ වෙයි කියලා මම හිතුවේ නැහැ. ජීවිතේට හරි අය හරි විදියට මුණගැහුන නිසා මට පුළුවන් වුණා ඒ හීනෙ සැබෑවක් කරගන්න. නාදගමේ ඉන්න හැමෝම මතක් කරන්නත් ඕන. මනුරංග” දනිත්” මෙතුන් වගේ හැමෝගෙන්ම මාරම සහයෝගයක් තියෙනවා. ඒ වගේම මගේ බෑන්ඩ් එකට සම්බන්ධ වෙලා ඉන්න ආර්ටිස්ට්ලා ගොඩ දෙනෙක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නෙ.

2023 අලුත් බලාපොරොත්තු මොනවද?

ගොඩක් දේවල්වලට අතගහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉන්දියාවට සතියකට හෝ මාසෙකට වගේ ගිහිල්ලා එහෙ ඉඳලා දේවල් ප්ලෑන් කරලා එන්න වගේ හිතනවා. පිටරට දේවලුත් එකතු කරගනිමින් අලුත් දෙයක් කරන්නත් ආසාවෙන් ඉන්නවා. තව “සොබනා” ගීතයට හින්දි සිංදුවක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව” කෙටි චිත්‍රපටයක රඟපාන්න අවස්ථාවක් ලැබුණොත් ඉතින් සමහර විට මම ඒක භාර ගනීවී.

පාරමී කෞෂිකා –

advertistmentadvertistment
advertistmentadvertistment