සකල ගුරු පුෂ්පාගෙන් කලායතනයක්

556

පසුගිය කාලවකවානුව තුළ ගැමි තේමාවේ නාට්‍යය ලංකාවේ ටෙලි නාට්‍ය කලාව වෙනත් ඉසව්වකට රැගෙන ගියා.ග‍්‍රාමීයත්වය මුල් කරගනිමින් විකාශය වන ටෙලි නාට්‍ය අතර ජාතික රූපවාහිනියේ සකල ගුරු ටෙලිනාට්‍යයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. එහි පළමු අදියර පසුගිය වසරේ විකාශය වී අවසන් වුණා. මේ දිනවල දෙවැනි භාගය විකාශය වෙමින් පවතිනවා. සකල ගුරු නාට්‍යයේ කාගෙත් හිත දිනාගත්ත චරිතයක් තමයි පුෂ්පා කියලා කියන්නේ.බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්තු පුෂ්පා ගැන අහන්න අපි ඒ චරිතයට පණ පොවන දිල්හානි වීරසිංහව මීවිත පිළිසඳරට සහභාගිකර ගත්තා.

 * මේ දවස්වල සකල ගුරු රූගත කිරීම් නිසා කාර්යබහුල වෙලා ද ?

 තවමත් කොවිඞ් අවදානම තිබුණත් මේ දිනවල සකල ගුරු දෙවැනි කොටස සඳහා රූගත කිරීම් සිදු කරනවා.ඒ නිසා තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නේ. ඒ වගේම තව අලූත් නාට්‍ය නිර්මාණයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. තව සති කිහිපයකින් එහි රූගත කිරීම් ආරම්භ කරාවි.

 * දිල්හානිගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂය සකලගුරු කියලා කියන්නේ ඇයි?

 ඇත්තටම මගේ රංගන ජීවිතයේ මට ලැබුණ චරිත අතර සකලගුරු නාට්‍යයේ පුෂ්පා සුවිශේෂම චරිතයක්.මමත් ගමක හැදුන කෙල්ලක් නිසා ඒ චරිතය මට ගොඩක් සමීපයි. ඒ වගේම ටිකිරි රත්නායක මහත්මයා වගේ ප‍්‍රවීණ අධ්‍යක්ෂවරයෙක් යටතේ නිර්මාණයක රඟපාන්න ලැබීමත් භාග්‍යයක්. කවදා හරි ගැමි චරිතයක් රඟපාන්න මගේ බලාපොරොත්තුවක් තිබුණා.ඒ බලාපොරොත්තුව ඉටු වුණේත්” මාව බොහෝ දෙනෙක් අඳුනා ගත්තේත් සකලගුරු නිසා.

සකල ගුරු පුෂ්පාගෙන් කලායතනයක්



 * පුෂ්පාට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද ?

 කතාවට අනුව මම පුෂ්පා නැන්දා. ගමක ජීවත් වන ගැමි චරිතයක්. ගාමන්ට් එකක සුපරීක්ෂකවරියක් විදියට වැඩ කරන කෙනෙක්. පුෂ්පාගේ චරිතයට වගේම සකල ගුරු ටෙලි නාට්‍යයටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.ඒ ගැන සතුටුයි. බොහෝ දෙනෙක් කතා කරල සුබ පතනවාිඒ වගේ පේ‍්‍රක්ෂකයන්ගේ ආදරයක් ලැබෙන්නේ සකලගුරු නිසා.

 * වෙනත් නාට්‍යවල ගැමි චරිත වලට

 ආරාධනා ලැබුණේ නැද්ද ?

 මම කැමැතියි විවිධ චරිත නිරූපණය කරන්න. සකලගුරු නාට්‍ය හරහා ගැමි චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව උදා වුණානේ. දැන් මගේ කැමැත්තක් තියෙනවා නර්තන ගුරුවරියකගේ චරිතයක් නිරූපණය කරන්න. විවිධ චරිත රඟපාන්න ලැබුණහම තමයි රංගනය පිළිබඳ විවිධ අත්දැකීම් එකතු වෙන්නේි

 * මොකද්ද මේ පන්සිය වතාවක් මනමාලියක් වුණා

 කියන කතාව ?

 මම රඟපෑම් වලට වගේම නිරූපණයටත්

 සහභාගි වෙනවා.මේ වෙද්දි මම මනමාලියක් ලෙසින් පන්සිය වතාවකටත් වඩා විවිධ නිරූපණ සඳහා සහභාගි වෙලා තියෙනවාිඒ නිසා තමයි පන්සිය වතාවක් මනමාලියක් වුණා කියලා කියන්නේ.

 * ඒ කියන්නේ ඔබ වෘත්තියෙන් නිරූපණ ශිල්පිණියක් ද ?

 නැහැ. මම කලාව කිසිම දවසක වෘත්තිය විදිහට යොදා ගන්නෙ නෑ. මම කලාවට ආදරෙයි. ඒ නිසා කලාව අත්හරින්නෙත් නෑ. වෙනත් අංශයකින් රැුකියාවක් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. නිරූපණයවත් ර්‍ණරංගනයවත් මගේ වෘත්තිය නෙමෙයි.

සකල ගුරු පුෂ්පාගෙන් කලායතනයක්



 * රංගන ශිල්පිණියක් වීම කුඩාකල සිටම ඔබේ හීනයක් නේද ?

 මගේ හිතේ රංගන ශිල්පිණියක් වීමේ කැමැත්ත” ආසාව කුඩා කාලයේ ඉඳන්ම තිබුණා. 2014 වසරේ ජාතික රූපවාහිනියේ අවුරුදු කුමරිය තේරීමේ තරඟයට සහභාගි වීමෙන් පස්සේ මට රඟපෑමට අවස්ථාවක් ලැබුණා. නමුත් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තනය සම්බන්ධ උපාධියක් හදාරමින් හිටිය නිසා ලැබෙන හැම අවස්ථාවකටම සහභාගි වෙන්න බැරි වුණා. නමුත් අධ්‍යාපන කටයුතු සිදු කරන අතරම හැකි සෑම අවස්ථාවකම රංගනයට” නර්තනයට” නිරූපණයට සහභාගී වුණා.

 * දැන් නර්තනයට වැඩි උනන්දුවක් නෑ නේද ?

 මට නර්තනය අමතක වෙලා නෑ. මම උඩරට” පහතරට” කතක්” සබරගමු ආදී විවිධ නර්තන සම්ප‍්‍රදායන් පිළිබඳ හදාරලා තියෙනවා. නර්තනය සම්බන්ධයෙන් මට උපාධියක් තියෙනවා. ඉදිරියේදි මගේම කලායතනයක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ. නර්තන ගුරුවරියක් වීමේ බලාපොරොත්තුවකුත් තියෙනවාි

 * දිල්හානිට සිනමා නිර්මාණයක ප‍්‍රධාන චරිතයට

 රඟපාන්න අවස්ථාව ලැබුණා නේද ?

 2018 වසරේ තිරගත වුණු රජා මමයි චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය රඟපාන්න අවස්ථාව ලැඹුණා. රූකඩ පැංචි සහ තවත් සිනමා නිර්මාණ කිහිපයක රඟපාල තියෙනවා. ඒ වගේම අහස් මාලිගා” හුස්මක් තරමට” සුසුමක ඉම වැනි ටෙලිනාට්‍යවලත්” වෙළෙඳ දැන්වීම්වලත් රඟපාලා තියෙනවා.

 * වේදිකා නාට්‍යයක රඟපෑමට කැමැත්තෙන් ඉන්නවා කියලා කිව්වා නේද ?

 මේ වෙනකම් මම වේදිකාවට සම්බන්ධ වෙලා නැහැ. ආරාධනාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ඒ ආරාධනාව භාර ගන්නවා. වේදිකා නාට්‍ය රංගනය කියලා කියන්නේ වෙනම අත්දැකීමක්. ඒ අත්දැකීම කවදා හරි ලැබෙයි කියලා මම හිතනවා.

 * මෙතෙක් ආ දුර ගැන දිල්හානිට මොනවද හිතෙන්නේ?

 මගේ ගම අනුරාධපුරය. පාසල වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලය. මෙතරම් දුරක් මං ආව ගමන ඇතුලේ බොහෝ කැප කිරීම් තිබුණා. ඒ වගේම මම මගේ හීනෙට යන ගමන් හොඳින් ඉගෙන ගත්තා. කලාවට එන්න මට උදව් කරපු සියලූම දෙනාටම මේ අවස්ථාවෙදි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මාත් එක්ක ඉන්න පේ‍්‍රක්ෂකයන්ට හිස නමා ආචාර කරනවා.


 නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment