කොහි සිටදෝ කොතැනටදෝ සුළඟ වගේ ඇවිදින්

333

ජනවාරි මස 03 දිනට යෙදෙන බණ්ඩාර කේ. විජේතුංග විසි තුන්වැනි සමරුව නිමිත්තෙනි.

බණ්ඩාරේත් ඔහුගේ නිර්මාණත් අප බොහෝ දෙනකුගේ ජීවිතවලට පාර කියා දුන්නේය. කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් සිසුවකු වූ ඔහු අජන්තා රණසිංහ, කරුණාරත්න අමරසිංහ හා සුනන්ද මහේන්ද්‍ර සමග එක බෝඩිං කාමරයේ සිටිමින් මුලින්ම තරගයට නිර්මාණ කාරියේ යෙදුණේ ආනන්ද කේ. විජේතුංග ලෙස ය. පසු කලෙක ප්‍රථම ප්‍රේමයේ වියෝවත් සමග බණ්ඩාර කේ. විජේතුංග නමින් යළි ඉපැදුණි.

කොහි සිටදෝ කොතැනටදෝ සුළඟ වගේ ඇවිදින්

බණ්ඩාරේ ක්‍ෂේත්‍ර ගණනාවක් පුරා විහිදුණු විසිරුණු කුසලතා ඇත්තෙකි. බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ නිර්මාණශීලී ගීත රචකයකු හා ප්‍රතිභාපූර්ණ නිවේදකයකු ලෙසය. විවිහිස (විදේශ විනිමය හිමිකම් සහතිකය) බණ්ඩාරේ මහ බැංකුවේ සේවය කරන කාලයේ සිංහලට එක් කළ වදනකි. චිත්‍රපට සංස්ථාවේ ආරම්භක යුගයේ සංස්ථාවේ පෝස්ටර් හා පුවත්පත් දැන්වීම් නිර්මාණය කළේ ඔහු ය. ඔහු නිර්මාණය කළ සිංහල අකුරු මෝස්තර ද ගණනාවක් වෙයි. ලාංකික ගුවන් විදුලි නාට්‍ය ක්‍ෂේත්‍රයට විද්‍යා ප්‍රබන්ධ නාටක රචනා කිරීමේ මූලිකයා ද ඔහු ය. ලංකාවට සිංහල හයිකු කවි හඳුන්වාදීමේ ගෞරවය ද හිමිවන්නේ ඔහුට ය.

“මමයි දුම්රිය
ඇයි ඔබ පිපුණේ රේල් පීලිමත”

බණ්ඩාරේ ගේ ඒ හයිකූ කව ඔහුගේ සංවේදිභාවය පිළිබඳ බොහෝ මතකයන් අප හදෙහි අවදි කරවමින් අද ද අප සසල කරවයි.

සමන් අතාවුද

advertistmentadvertistment
advertistmentadvertistment