රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගේ අවසන් කටයුතු ඉරිදා

979

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ, ආරච්චිකට්ටුව ප්‍රදේශයේ දී අවසන් කටයුතු සිදුකිරීමට සැලසුම්කර ඇති බවය.සනත් නිශාන්ත මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද පස්වරු 5.30 බොරැල්ලේ ජයරත්න මල්ශාලාවට රැගෙන එන අතර දේහය හෙට (26) පෙරවරු 10.30ට පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යනු ඇත.අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණි.

advertistmentadvertistment
advertistmentadvertistment