ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

1585

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ලේ සංජීව ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී අද සවස අත්අඩංගුවට ගෙන තිබේ. නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත . සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් නේපාලයේ කත්මණ්ඩු සිට කටුනායක දක්වා පැමිණ තිබේ.එම ගමන් බලපත්‍රයේ ‘සේනාධීරගේ කරුණාරත්න’ යන නම සටහන්ව තිබී ඇත.ඒ අනුව කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තමන් ගණේමුල්ලේ සංජීව බව පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment