තෙල් අර්බුදය මැදත් ප්‍රයිවට් බස් 4000 ක් වැඩ – ගැමුණු කියයි

70

ඉන්ධන අර්බුදය හමුවේ වුවත් ඊයේ (26 දා) පෞද්ගලික බස් රථ 4000 ක් පමණ ධාවනය කරවූ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු ව්ජේරත්න මහතා “දිවයින”ට පැවසීය.

ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාදෙන ක්‍රමවේදය නිසියාකාරව සිදු නොවන බවද හෙතෙම කියා සිටියේය. තවදුටත් කතා කළ ගැමුණු විජේරත්න මහතා මෙසේද කීය. රට පුරා ලංගම ඩිපෝ 107 ක් තියෙනවා. සමහර ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලට තෙල් නිසියාකාරව ලැබෙන්නේ නැහැ. ඒක නිසි ලෙස කරන තුරු පෞද්ගලික බස් රථ ඔක්කොම ධාවනය කරන්න වෙන්නේ නැහැ. මේ ගැන ප්‍රවාහන අමාත්‍යාංශය අවධානය යොමු කරන්න ඕනෑ. කොහොම වුණත් ඊයේ බස් රථ සියයට 50 ක් දිව්වා. ඒ වුණාට ඉදිරි දින කීපය තුළ බස් රථ ධාවනය කොහොම සිදුවෙයි ද කියන්න බැහැ. පෞද්ගලික බස් රථ සේවාව ශක්තිමත් කරන්න ප්‍රවාහන බලධාරීන්ගේ සහාය ඉතා අවශ්‍යයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment