මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ අලි නඩුව කොළඹ යවයි

115

අලි ඇතුන් තිදෙනකු නීතිවිරෝධී ආකාරයෙන් වෙනත් පාර්ශ්වයකට භාරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තම අධිකරණය හමුවේ පවතින නඩුව වහාම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ගමතා ඊයේ (07දා) නියෝග කළේය.

එම නඩුව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මේ වනවිට නියෝගයක් ලබාදී ඇති බැවින් පෞද්ගලික හේතූන් මත එම නඩුව තමා ඉදිරියේ නොකැඳවීමට තීරණය කර ඇති බව කියමින් විනිසුරුවරයා ලබන ජූලි 26 වැනිදා එම නඩුවේ විමර්ශන ප්‍රගතිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙසට පොලිස් විශේෂ විමර්ශන අංශයට නියෝග කළේය.

පොලිස් විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එස්. වික්‍රමසිංහ මහතා විමර්ශන අංශය වෙනුවෙන් පෙනී සිටියේය.

හිටපු වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් දයාවන් රත්නායක හා දෙහිවල ජාතික සත්ත්වෝiානයේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනුර ද සිල්වා එම විමර්ශනවල සැකකරුවන් ලෙස නම්කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එස්. වික්‍රමසිංහ මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment