ත්‍රිරෝද රථ හා පාසල් වෑන් ප්‍රවාහන ගාස්තුත් පහළට

109

ඉන්ධන මිල අඩුකිරීමට සාපේක්‍ෂව අනිවාර්යයෙන්ම මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ගාස්තුව සහ පාසල් වෑන් රථ ගාස්තුව අඩුකරන බවත්, එම ගාස්තු අයකිරීම් පිළිබඳව අද (30 දා) දිනයේ මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත්කරන බවත් එම සංගම් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ කිහිපදෙනෙක් ‘දිවයින’ට කීහ.

මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ගාස්තුව සියයට 20 කින් පහත දැමීමට බලාපොරොත්තු වන බව ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති මහින්ද කුමාර මහතා ‘දිවයින’ ට පැවැසීය.

මේ ගැන සියලුම ත්‍රිරෝද රථ සංගම් සමඟ සාකච්ඡා කර අද දින එම ගමන් ගාස්තු පිළිබඳව ප්‍රකාශයට පත්කරන බවද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment