තෙල් මිල පහළට

391

පෙට්‍රල් 92 රු. 60කින්
පෙට්‍රල් 95 රු. 135කින්
ඔටෝ ඩීසල් රු. 80කින්
සුපර් ඩීසල් රු. 45කින්
භූමිතෙල් රු. 10කින්

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (29 දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් පහත දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 60කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 340 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් පහත දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 375 කි.

තවද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 80කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 325 කි.

සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 465 කි.

එසේම භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295 කි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැති කාංචන විජේසේකර මහතා මෙම මිල සංශෝධනය දැනුම් දුන්නේය. අප්‍රියෙල් මස මුල් සතියේ සිදුකළ යුතුව තිබුණු මිල සංශෝධනය රට තුළ පවතින තත්ත්වය සලකා බලා ජනාධිපතිවරයාගේ උපදෙස් මත දින කිහිපයකට පෙර සිදුකිරීමට රජය තීරණය කළ බව ද ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

මෙම මිල අඩු කිරීමට සමගාමීව ලංකා අයි. ඕ. සී. සමාගම ද ඉන්ධන මිල ගණන් එම ප්‍රමාණයෙන්ම පහළ දැමීමට තීරණය කළ බව සමාගම නිවේදනය කර ඇත.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment