මැන්ඩවුස් සුළි කුණාටුවෙන් මන්නාරමට කෝටියක අලාභයක්

149

බෝට්ටු 11ක් අතුරුදන්: තවත් 50කට අලාභහානි: නිවාස 68 කටත් හානි

මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් මන්නාරමේ ධීවරයන්ට රුපියල් කෝටියක පමණ අලාභයක් සිදුව තිබේ.

මන්නාරම එක්සත් ධීවර සංගමය සඳහන් කළේ එම සුළි කුණාටුව හේතුවෙන් බෝට්ටු 11 ක් පමණ අස්ථානගත වී ඇති බවත් දැල් ආම්පන්න විශාල තොගයක්ද මුහුදට ගසා ගෙන ගොස් ඇති බවයි.

තවත් බෝට්ටු පනහකට පමණ අලාහ හානි සිදුව ඇති බව පවසන ධීවර සංගම් නායකයෝ අධික සුළං සහිත තත්ත්වය නිසා මන්නාරමේ ධීවර නිවාස 68 කට පමණ හානි සහ අර්ධ හානි සිදුව ඇති බවයි.

නිවාස අහිමි වීමෙන් මන්නාරමේ පවුල් 52 කට අයත් පුද්ගලයන් 187 දෙනකු විපතට පත්ව සිටින අතර විවිධ ආපදාවන්ට ලක් වූ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩි වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මන්නාරම කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment