මත්පැන් සමාගම් 4කින් කෝටි 238ක බදු පොලු

93

මත්පැන් නිෂ්පාදන ආයතන 04ක් විසින් 2022 වර්ෂය අවසානය දක්වා කාලයේ දී හිඟ සුරාබදු හා ප්‍රමාද ගාස්තු වශයෙන් රුපියල් දෙසිය තිස්අට කෝටි අනූහයලක්ෂ අනූදෙදහස් දෙසිය පනස් හතක (2,389,692,257) මුදලක් ගෙවිය යුතු වුවත් එම ගෙවීම් පැහැර හැර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙම හිඟ සුරාබදු හා ප්‍රමාද ගාස්තු වසර 05ක වැඩි කාලයක සිට සුරාබදු දෙපාර්තමේන්තුවට අයකර ගැනීමට නොහැකි වී ඇති බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මින් ආයතන තුනකට අදාළව නඩු පැවරීමට අවශ්‍ය මූලික කරුණු කෙටුම්පත් කරන අවස්ථාවේ දී හිඟ සුරාබදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම පිළිබඳ එකඟතාවක් ඇති කර ගෙන තිබුණ ද අදාළ ආයතන විසින් එම එකඟතාව කඩ කර හිඟ බදු හා ප්‍රමාද ගාස්තු ගෙවීම පැහැර හැර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති එක් සැර මත්පැන් නිෂ්පාදන සමාගමක් සඳහා 2022 වර්ෂයේ දී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබුණි. එකී සමාගමෙන් 2022 වර්ෂයේ අවසන් දිනට අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් එකසිය විසිනම කෝටි විසිඅට ලක්ෂ හැත්තෑ හත් දහස් එකසිය තිස්අටකි. අයවිය යුතු ප්‍රමාද ගාස්තු මුදල රුපියල් එකසිය හතළිස්පන්කෝටි හැටලක්ෂ හැත්තෑ නමදහස් හතළිහක් බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment