ගොළු බිහිරි අය අන්දා කෝටි 1 1/2 ක් වංචා කළ රැහේම කෙනෙක් අල්ලන්න විමර්ශන

437

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් පිරිසක් රවටා ඔවුන්ට විශාල මුදල් ප්‍රතිලාභ ලබාදෙන බව කියමින් රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වංචා කළ තවත් ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට වංචා විමර්ශන අංශය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සැකකරු ගොළු බිහිරි පුද්ගලයන් සමග සමීප සබඳතා ගොඩනගා ගෙන ඔවුන් හරහා තම බැංකු ගිණුමකට එම මුදල් බැර කරගෙන ඇත්තේ ඉහළ පොලියක් ලබාදෙන බවට පොරොන්දු වෙමින් ය.

ඒ අනුව ගොළු බිහිරි පුද්ගලයන් රැසක් රුපියල් ලක්‍ෂ 5 ත් 10 ත් අතර මුදලක් මෙම පුද්ගලයාගේ බැංකු ගිණුමේ තැන්පත් කර ඇත. පොලිසිය පවසන්නේ ගොළු බිහිරි පුද්ගලයන් 67 දෙනෙකු රුපියල් ලක්‍ෂයකට අඩු මුදලක් බැංකු ගිණුමේ තැන්පත් කර ඇති බවයි.

සැකකරු සොයා පොලිස් වංචා විමර්ශන අංශය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment