කාන්තාවන්ගේ බැංකු කාඩ් සොරකම් කළ තරුණිය සොයා පොලිසිය සීරුවෙන්

557

බැංකු කාඩ් අහිමිවූවෝත් සැකකාරිය සොයති

කාඩ් භාවිතයෙන් සැකකාරිය සුපිරි භාණ්ඩ මිලට ගෙන

හැඩ වැඩ වීමට රූපලාවණ්‍යාගාර වලට යන තරුණියන් ඇතුළු කාන්තාවන් ගේ ක්‍රෙඩිට් කාඩ්, බැංකු කාඩ්පත් ඇතුළු මුදල් පසුම්බි සොරා ගන්නා තරුණියක් සොයා ගම්පොළ පොලිසිය ඇතුළු පොලිස් ස්ථාන ගණනාවක් පරීක්ෂණ අරඹා ඇත.

රටේ විවිධ ප්‍රදේශවල රූපලාවණ්‍යාගාර වලින් මේ ආකාරයට රුපියල් ලක්ෂ ගණනාවක් ඇය සොරා ගෙන ඇති අතර පොලිසිය මෙන්ම ඒවාට ගොදුරු වූ පිරිස් ද ඇය සොයා දැඩි වෙහෙසක් ගන්නා බව පවසයි. ඇය මුදල් පසුම්බි ඇතුළු විවිධ දෑ සොරා ගන්නා ආකාරය හා වෙළඳ සල්වලින් විවිධ භාණ්ඩ මිලදී ගන්නා අයුරු සටහන්ව ඇති වීඩියෝ පට හා ඡායාරූප උපයෝගි කර නිමින් මෙම සොයා බැලීම් සිදු කරයි.

කාන්තාවන්ගේ බැංකු කාඩ් සොරකම් කළ තරුණිය සොයා පොලිසිය සීරුවෙන්

එසේම මුහුණු පොත ඇතුළු විවිධ ක්‍රම මඟින් ද ඒ පිළිබඳ මෙසේ සොයා බැලීම සිදුකෙරේ. ගම්පොළ නගරයේ රූපලාවණ්‍යාගාරයකට පැමිණි ඇය එහි බෑගයක තිබූ ක්‍රෙfඩිට් කාඩ් පතක් සොරාගෙන එයින් රුපියල් අසූ පන්දහසක් වටිනා ජංගම දුරකථනයක් මිලදී ගැනීම හා ගම්පොළ අඹගමුව මාර්ගයේ ස්වර්ණාභරණ වෙළඳ සලකින් රන් මාලයක් ගැනීමට සූදානම් වන අයුරු කැමරාවල සටහන්ව ඇත. මේ පිළිබඳ ගම්පොළ, ගම්පොළවෙල පදිංචි ශානිකා මල්මි නැමැති තරුණිය විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ගම්පොළ පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

මේ පිළිබඳ මුහුණු පොතේ පළ වී ඇති සටහන් අනුව බොහෝ ප්‍රදේශවල පිරිස් ඇයට හසුව ඇති බව හෙළි වී තිබේ. ගම්පොළ, නාවලපිටිය සහ බොරලැස්ගමුව ඇතුළු විවිධ පොලිස් ස්ථානවල ඒ පිළිබඳ පැමිණිලි සටහන්ව තිබේ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment