ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක අයවැය අද – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

155

ලංකා ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක අයවැය ජනාධිපතිවරයා විසින් අද (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ (13දා) ‘දිවයින’ ට පැවසීය.

ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමේ පියවර 2023 අයවැය මගින් සිදු කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝගය බව අමාත්‍යවරයා කීවේය. පුද්ගලයකුට මසක් ජීවත්වීම සඳහා රුපියල් 13,000ක් අවශ්‍ය බවට රජයේ වාර්තා මගින්ම තහවුරු කර ඇති තත්ත්වයක් තුළ 2023 වසර සඳහා සුබසාධන අයවැයක් ඉදිරිපත් කිරීමේ අභියෝගය රජය භාරගෙන ඇතැයි ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රට දේශපාලන වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් ද ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළකට මෙම අයවැය මගින් මග විවර වනු ඇති බවයි.

“ලෝකයේ අයවැය වර්ගීකරණ දෙකක් තියෙනවා, ආයෝජනයට බර වූ අයවැය සහ සුබසාධනයට බර වූ අයවැය කියලා. නිදහස් ශ්‍රී ලංකාවේ 77 වැනි අයවැය අපි ඉදිරිපත් කරන්නේ රටේ පවුල් සංඛ්‍යාවෙන් 70%ක් ජීවත් වීම සඳහා රජයෙන් සහන ඉල්ලන තත්ත්වයක් තුළයි. ඒ නිසා අපි මේ වෙලාවේ අවධානය යොමු කරන්නේ මේ ජනතාවගේ මූලික අවශ්‍යතා ටික ඉටු කරන්න පහසුකම් සලසන සුබසාධන අයවැයක් ඉදිරිපත් කිරීමට බව ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment