ව්‍යාපාරිකයාගෙන් කප්පම් ඉල්ලූ ලිපිය ගැන රාජකාරි නොකළ එස්. අයිගේ වැඩ තහනම්

815

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ ලියුම් පෙට්ටියට රු. ලක්‍ෂ තුනක කප්පමක් ඉල්ලා දමා තිබූ ලිපියට අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි ලෙස රාජකාරී නොකළ අවිස්සාවේල්ල පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

රුපියල් ලක්‍ෂ තුනක කප්පමක් ඉල්ලා එම මුදල අසල්වැසි නිවසක් ඉදිරිපිට තබන ලෙස දැනුම් දී සිය නිවසේ ලියුම් පෙට්ටියට ලිපියක් දමා ඇතැයි කෑගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් එම උප පොලිස් පරීක්‍ෂකවරයාට දැනුම් දී ඇත. එහිදී උප පොලිස් පරීක්‍ෂකවරයා කප්පම් ගැනීමක් සිදුවී නැති බවත් එවැනි සිද්ධියක් වූ විට පැමිණිලි කරන ලෙසත් ව්‍යාපාරිකයාට දන්වා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් එම ව්‍යාපාරිකයා ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසු සීතාවකපුර භාර උසස් පොලිස් නිලධාරියා අවිස්සාවේල්ල සහකාර පොලිස් අධිකාරිවරයා යොදවා සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව උ.පො. පරීක්‍ෂකවරයාගේ වැඩ තහනම් කර තිබේ.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment