සෞඛ්‍ය සේවකයෝ වැඩ වර්ජනයක

391

සිය ඉල්ලීම්වලට මේ දක්වාත් විසදුම් ලබානොදීමට විරෝධය පළ කරමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද දිවයින පුරා රෝහල්වල පෙරවරු 6.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි.වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමීමට තීරණය කළ ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බව පවසයි. කෙසේවෙතත් පිළිකා රෝහල,ළමා රෝහල, මානසික රෝහල සහ හදිසි ප්‍රතිකාර සේවා වල මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදු නොකරන බව ද සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment