අවුරුදු 20 න් පහළ ප්‍රමුඛ පෙළ ලීග් රග්බි තරගාවලිය

97

ශාන්ත ජෝශප් සහ රාජකීය අද සටනට

‘ඩයලොග් අභියෝග කුසලාන’ පාසල් වයස අවුරුදු 20 න් පහළ ප්‍රමුඛ පෙළ ලීග් රග්බි තරගාවලියේ 05 වැනි සතියේ තරග ආරම්භ කරමින් අද (22) පස්වරු 04.15 ට කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර තරගය කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

හෙට (23දා) පස්වරු 04.15 ට ප්‍රතිවාදී මහනුවර ධර්මරාජ විදුහලට එරෙහිව හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට අවතීර්ණ වීමට කොළඹ ඉසිපතන විදුහල සූදානම් වී සිටී. මෙවර ‘බී’ කාණ්ඩයේ එකම අපරාජිත පාසල ලෙස ඉසිපතන විදුහල මෙම තරගයට එක්වේ.

මෙම සති අන්තයට නියමිත තරග සැලසුම

07.22

● කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී

07.23

● මහනුවර ත්‍රිත්ව විදුහල සහ මහනුවර කිංග්ස්වුඩ් විදුහල අතර පල්ලේකැලේ ත්‍රිත්ව ක්‍රීඩාංගණයේදී

● බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ කොළඹ වෙස්ලි විදුහල අතර බම්බලපිටිය ශාන්ත පීතර ක්‍රීඩාංගණයේදී

● කොළඹ ඉසිපතන විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී

● ගල්කිස්ස විද්‍යා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර රත්මලාන ගුවන් හමුදා කඳවුර ක්‍රීඩාංගණයේ දී

07.25

● මහනුවර ශාන්ත අන්තෝනි විදුහල සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල අතර කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment