හෑගොඩ හන්දියේ කාණුවකින් අත්බෝම්බයක් හමුවෙලා

34

රත්ගම හෑගොඩ හන්දිය අසල කාණුවක තිබී විදේශීය රටක නිෂ්පාදිත ජිව අත් බෝම්බයක් ඊයේ (04 දා) සොයාගත් බැව් රත්ගම පොලිසිය පවසයි.

පොලිසියට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම ජීව අත්බෝම්බය සොයා ගැනීමට හැකි වී ඇත. මෙකී බෝම්බය පිපිරීයෑමට ලක්වූවා නම් මහා විනාශයක් වීමට ඉඩ තිබූ බවද පොලිසිය කියයි.

රත්ගම පොලිසියේ පො.සැ. (553) සිසිර නමැති නිලධාරියා විසින් මෙම ජිව අත්බෝම්බය පොලිසියට රැගෙන විත් ඇත. අධිකරණය මගින් නියෝගයක් ලබාගෙන පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කැඳවා බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි. රත්ගම පොලිස් ස්ථානාධිපති යූ. එල්. ඩී. ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

ලලිත් චාමින්ද සහ එස්. කේ කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment