බ්ලූ ස්ටාර්ස් ජය ගනී – රෙඞ් ස්ටාර්ස් – නිව් යංග්ස් සම වෙයි

110

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් කොළඹ රීඞ් මාවත පැරණි තුරඟ තරග පිටියේ දී දැන් ක‍්‍රියාත්මක ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරඟාවලියේ 24 වැනි තරගය ලෙස පෙරේදා (12) පැවැති පානදුර රෙඞ් ස්ටාර්ස් සමාජය සහ වෙන්නප්පුව නිව් යංග්ස් සමාජය අතර සටන ගෝල්  04 – 04 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 04 – 01 ක් ලෙස පෙරමුණ ගනිමින් පහසු ජයග‍්‍රහණයක පෙර නිමිති පහළ කරන්නට රෙඞ් ස්ටාර්ස් පිල සමත් වූ නමුත් දෙවන භාගය ආරම්භ කිරීමත් සමගම සංවිධානාත්මක ක‍්‍රීඩා රටාවක නිරත වෙමින් ගෝල් තත්ත්වය 04 – 04 ක් ලෙස සම කිරීමට නිව් යංග්ස් සමාජය සමත්වීම මෙහිදී කැපී පෙනුණි.

නිව් යංග්ස් වෙනුවෙන් මනා පන්දු පාලනයක නිරත වෙමින් ගෝල් ත‍්‍රිත්වයක් වාර්තා කිරීමට කැළුම් සංජය සමත් වීම මෙම තරගයේ දී ඉහළ අගයක් ගත්තේය. නිකිල ප‍්‍රනාන්දුගේ පාදයෙන් සිව්වන ගෝලය සටහන් විය.

රෙඞ් ස්ටාර්ස් වෙනුවෙන් ආක‍්‍රමණශීලී ක‍්‍රීඩා රටාවක නිරත වූ මොහොමඞ් රහමාන් (01* මොහොමඞ් රිල්හාඞ් (01* ධනංජය විජේසිංහ (01* ඉස්මයිල් අබුමෙයර් (01* බැගින් ගෝල් වාර්තා කරමින් කැපී පෙනුණි.

මෙම තරගය ශිරන්ත කුමාර මහතා විසින් විනිශ්චය කරන ලදී.

බ්ලූ ස්ටාර්ස් 02 අප් කන්ටි‍්‍ර ලයන්ස් 01

ඉනික්බිති ව පැවති තරගයේ දී ප‍්‍රබල නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් කණ්ඩායම ගෝල්

02 – 01 ක් ලෙස පරාජය කරමින් තියුණු ජයග‍්‍රහණයක මිහිර අත්විඳින්නට කළුතර බ්ලූ ස්ටාර්ස් ක‍්‍රීඩකයෝ සමත් වූහ.

තරගයේ ප‍්‍රථම භාගය නිමා වන විට ගෝල් 01- 00 ක් ලෙස පෙරමුණ ගැනීමට බ්ලූ ස්ටාර්ස් පිලට හැකි විය.

ජයග‍්‍රාහී පිල වෙනුවෙන් අරපාදේ ජෙනී (01) සහ ෂෙනාල් සංදේශ් (01) බැගින් ගෝල් වාර්තා කළ අතර පරාජිත පිලේ එකම ගෝලය දඬුවම් පහරක් ආශ‍්‍රිතව සුජාන් පෙරේරා සටහන් කළේය.

මෙම තරගය එෆ්. එම්. ඉර්ෂාන් මහතා විසින් විනිශ්චය කරන ලදී.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment