රුමේනියා රැකියා සිහින පෙන්වූ කත රිමාන්ඩ්

298

රුමේනියාවේ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටි 08කට වැඩි මුදලක් වංචා කළ බව කියන සැකකාරියක් අප්‍රේල් 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.මාළිගාවත්ත – ලක්විරු සෙවන නිවාස සංකීර්ණයේ සැඟවී සිටි කාන්තාවක්ව පසුගිය දා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.විදේශ රැකියා ලබා දීම සඳහා අදාළ සැකකාරිය බලපත්‍රයක් ලබා ගෙන රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙන ගොස් තිබේ.රුමේනියාවේ ක්ෂේත්‍ර කිහිපයක රැකියා ලබා දීම සඳහා ද ඇයට අවසර තිබී ඇත.නමුත් තමන්ට අවසර නොමැති රැකියා ක්ෂේත්‍ර සඳහා යොමු කරන බව පවසමින් සැකකාරිය මුදල් ලබා ගෙන ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි ලැබී ඇත.සැකකාරියට මුදල් ලබා දී රැකියා නොලැබුණු පුද්ගලයින් 88 දෙනෙකු ඒ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment