කොවිඩ් වසංගත හෙළි කළ පුද්ගලයා මුදාහරී

333

චීනයේ, වුහාන් නගරයෙන් ආරම්භවූ කොවිඩ් වසංගත ව්‍යාප්තිය සම්බන්ධයෙන් පළමුව ලොවට හෙළි කළ පුද්ගලයාව මුදාහැරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ ඔහුව වසර 03 කට අධික කාලයක් සිරගත කොට තැබීමෙන් අනතුරුවය. කොවිඩ් වසංගතයේ මූලාරම්භය වූ වුහාන් නගරයේ තත්ත්වය සම්බන්ධයෙන් වීඩියෝවක් මගින් හෙළිකිරීමෙන් අනතුරුව ඔහු හදිසියේම අතුරුදන්වී තිබුණි.

සිරගතව සිටි සමයේදී ඔහුගේ සෞඛ්‍ය දැඩි ලෙස පිරිහී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment