රුසියානු නීති එපා කියමින් ජෝජියාවේ උද්ඝෝෂණ

364

ජෝජියා රාජ්‍යයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන රුසියානු නීතිවල බලපෑමෙන් සකස් කර ඇති මතභේදාත්මක විදේශ බලපෑම් පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් ජෝජියානු වැසියන් දහස් ගණනක් පෙරේදා (15දා) අගනුවර වන ටිබිලිසි නගරයේ පිහිටි පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබේ. කලින් පැරණි සෝවියට් දේශයට අයත්ව තිබූ ජෝර්ජියා රාජ්‍යයේ පාලක පක්ෂය විසින් සම්මත කරගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති අදාළ පනත් කෙටුම්පත රුසියාවේ විරුද්ධවාදී මත මැඬලීම සඳහා යොදාගන්නා ඒකාධිපති නීති ඇසුරෙන් සකස් කර ඇති බවත් එයට බටහිර රටවල් පවා විරුද්ධ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

අදාළ පනත් කෙටුම්පත ඉවත් කරගන්නා ලෙස ඉල්ලා ජෝර්ජියානු පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදී ඇති දහස් ගණන් වූ ජනතාව “රුසියානු නීති එපා” යනුවෙන් හඬ නගමින් උද්ඝෝෂණයේ යෙදී තිබේ. ජෝර්ජියානු රජය ඉකුත් වසරේද මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගත් උත්සාහය එයට එරෙහිව විශාල ජනකායක් පැවැත්වූ වීථි උද්ඝෝෂණ හේතුවෙන් වැළකී ගොස් තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment