ලංකාවේ අශානිට ඇමෙරිකාවෙන් ඉහළ තනතුරක්

347

අශානි තනුජා වීරරත්න 1970 වසරේදී ශ‍්‍රී ලංකාවේ උපත ලබා අපි‍්‍රකාවේ සිය බාල කාලය ගත කලාය. වයස අවුරුදු 15 ක් පමණ බාල කාලයේදී ඇගේ ද්විතියික අධ්‍යාපනය අපි‍්‍රකාවේ සිදු වුණත් ජීව විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය සඳහා ඇය 1988 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඞ්හි ‘‘ශාන්ත මේරී’’ කොලීජියට ඇතුළත් වූවාය. ජෝර්ජ් වොෂිංටන් විශ්වවිද්‍යාලයෙන් ඇය ආචාර්ය උපාධිය ලබා ගත්තාය. කුඩා කාලයේ පටන් ඇගේ සිහිනය වූයේ පිළිකා පිළිබඳව පර්යේෂිකාවක් වීමටයි. ලෝකයේ බොහෝ දෙනෙක් මරණයට පත් වන්නේ පිළිකා රෝගයෙන් නිසාම ඇයට මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයා බැලීමේ කුතුහලය ඇති විය.

 ⋆ ‘‘මෙටාස්ටැසිස් ’’ (metastasis) කියන්නේ කුමක්ද?

 සාමාන්‍යයෙන් සිරුරක මිනිස් ෙසෙල වර්ධනය වී බෙදී ශරීරයට අවශ්‍ය පරිදි නව ෙසෙල නිර්මාණය කිරීමේ කාර්යය සිදු වේ. ෙසෙල වයසට යෑම හෝ මිය යන විට නව ෙසෙල වර්ධනය වේ. නමුත් ෙසෙල මියයන්නේ නැතුව හෝ පාලනය කළ නොහැකි ලෙස බෙදෙමින් වර්ධනය වීම පිළිකා තත්ත්වයක් ලෙස හැඳින්වේ. පිළිකාවක් සිරුරේ ඕනෑම තැනක ඇති විය හැක. පිළිකාව වර්ධනය වන විට එහි ෙසෙල කැඞී ගොස් රුධිරය හෝ වසා පද්ධතිය හරහා සිරුරේ දුර බැහැර ප‍්‍රදේශ වෙත ගොස් මුල් පිළිකා තත්ත්වයට අතිරේකව නව පිළිකා ඇති කරයි. පිළිකා ෙසෙල සිරුරේ අනෙකුත් කොටස්වලට පැතිරෙන කි‍්‍රයාවලිය ‘‘ මෙටාස්ටැසිස්’’ (metastasis) යනුවෙන් හැඳින්වේ. මේ අන්දමින් සිරුරේ අනෙකුත් ස්ථානවලට පැතිරීම නිසා පිළිකාව සුවපත් කිරීම දුෂ්කර කාර්යක් වෙනු ඇත. ශල්‍ය කර්මයක් මගින් පිළිකාව එම ස්ථානයෙන් ඉවත් කරන අතර එම ස්ථානයේ පිළිකා ෙසෙල විකිරණ ප‍්‍රතිකාර මගින් ඉවත් කරනු ලැබේ. ඒ අතරම පිළිකා ෙසෙල ශරීරයේ විහිදී යෑම වැළැක්වීම වෙනුවෙන්ද ඖෂධීය ප‍්‍රතිකාර සිදු කරනු ලැබේ.

 ⋆ පිළිකා ගැන මෙහෙයුම්

 කොලොම්බියානු කලා හා විද්‍යා විශ්වවිද්‍යාලයෙන් අණුක හා ෙසෙලීය පිළිකා පිළිබඳව ආචාර්ය උපාධිය ලත් ඇය නිබන්ධනය ලෙසින් ඉදිරිපත් කළේ Oncology පර්යේෂණ පති‍්‍රකාවයි. 1998 -2000 අතර කාලයේදී පශ්චාත් උපාධි පුහුණුව ලත් ඇය සිඞ්නි කිම්මෙල් විස්තීරණ පිළිකා මධ්‍යස්ථානයේ පර්යේෂණාත්මක සහ චිකිත්සක ඖෂධවේදය පිළිබඳව පුහුණුව ලබා තිබේ. එතැන් සිට ඇය එවකට මානව පරම්පරා පර්යේෂණ ආයතනයේ විද්‍යාත්මක අධ්‍යක්ෂ ‘‘ජෙෆ් ටෙ‍්‍රන්ට්’’ ගේ මාණ්ඩලික විද්‍යඥවරියක ලෙසින් සේවයට සම්බන්ධ වූවාය. සිඞ්නි ‘‘කිම්මල් ‘‘විස්තීරණ පිළිකා මධ්‍යස්ථානයේ පිළිකා ආක‍්‍රමණ සහ මෙටාස්ටැසිස් වැඩසටහනේ සම නායිකාව ලෙසින්ද ඇය කටයුතු කරයි.

 2007 වසරේදී අශානි ජාතික වියපත් වීම (National Institute on Aging) පිළිබඳ ආයතනයේ ප‍්‍රතිශක්ති විද්‍යාගාරයේ සේවයට සම්බන්ධ වූවාය. 2011 වසරේදී විස්ටාර් ආයතනයට සම්බන්ධ වී පිළිකා ගෙඩි සම්බන්ධ ක්ෂුද්‍ර පාරිසරික තත්ත්වයන් සම්බන්ධ සහ metastasis ව්‍යාපෘති ප‍්‍රධානි ලෙසින්ද කටයුතු කළාය. 2014 වසරේදී ඇය ජාතික පිළිකා ආයතනයේ  R01 ප‍්‍රදානයන් ලබා ගත්තාය.

 2015 වසරේදී අශානි විසින් සිදු කරන ලද අධ්‍යනයන්හි පාදක වූයේ වියපත් වීම සමග සමට ඇති වෙන බලපෑම සහ ගැටිති වර්ධනයේ සමග පවත්නා අන්තර් සම්බන්ධතාවයි. 2016 වසරේදී ඇය ආශ‍්‍රය මහාචාර්යවරියක ලෙසින් පත් වූ අතර එම පත්වීම් ප‍්‍රදානයේදී ‘‘විස්ටාර්’’ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සඳහන් කළේ අශානි වීරරත්න යනු විශිෂ්ට විද්‍යාත්මක පර්යේෂණයන්හි කීර්තිමත් නියමුවරියක ලෙසයි.

 ‘‘අශානි සහ ඇගේ කණ්ඩායම මෙලනොමා අවබෝධ කර ගන්නා ආකාරය ගැන වෙනසක් සොයමින් සිටී. මෙම භයානක රෝගය හඳුනා ගැනීමට වගේම ප‍්‍රතිකාර මගින් රෝගයට ගොදුරු වූවන් සුවපත් කිරීමට ඇගේ පර්යේෂණ ව්‍යාපෘතිය විශේෂ දායකත්වය ලබා දෙනු ඇත. ඇගේ සේවා කාලය බෙහෙවින් ආකර්ෂණීය වෙතැයි අපි බලාපොරොත්තු වන අතරම අඛණ්ඩ නවෝත්පාදන මගින් ලෝකයට ආශිර්වාදයක් සිදු වෙනු ඇත. 2018 වසරේදී අශානි විස්ටාර් විද්‍යාගාරයේ ප‍්‍රධානී ලෙසින් පත් කරන ලදී. අශානි වීරරත්න ජෝන්ස් හොප්කින්ස් බ්ලූම්බර්ග් ප‍්‍රජා සෞඛ්‍ය විද්‍යාලයේ ජෛව රසායන විද්‍යාව සහ අණුක ජීව විද්‍යාව පිළිබඳ සභාපතිනිය මෙන්ම මෙම ආයතනයේ මහාචාර්යවරියක ලෙසින්ද සේවය කරන්නීය. මෙම තනතුර ලැබෙන විටත් අශානි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සේවයේ යෙදී සිටි අතර කොවිඞ් දත්ත සම්බන්ධයෙන් වඩාත් පිළිගැනීමට ලක්ව ඇත්තේත් ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයයි.

 අශානි වීරරත්න විසින් වැඩි අවධානයක් දක්වනු ලැබුවේ පිළිකා නිසා වයසට යෑමට සිදු වෙන ‘‘මෙලනෝමා ’’ රෝග තත්ත්වය ගැනයි. ඇගේ අධ්‍යනය මගින් පිළිකා වර්ගයේ ගෙඩියක් ප‍්‍රතිශක්තිකරණ ෙසෙලවල පටක හරහා සංක‍්‍රමනය වීමට බලපාන ජෛව සහ භෞතික වෙනස්කම් පිළිබඳව අධ්‍යනයන් සිදු කරන ලදී. මේ නිසා ඇගේ අධ්‍යනය තුළින් පිළිකාවට සම්බන්ධ ප‍්‍රතිකාර සමග ප‍්‍රතිශක්ති චිකිත්සාව ගැනත් වැඩි අවධානයක් දැක්වීම නිසා අනාගත සායනික ප‍්‍රතිකාර සඳහා ඇගේ මෙම නව හඳුනාගැනීම් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව තිබේ.

 2018 වසරේදී අශානි පෙන්සිල්වේනියාවේ නොරිස්ටවුන්හි පැවැති විරෝධතාවකදී සංක‍්‍රමණිකයන්ට ඇමරිකාව තුළ ඇති අවතක්සේරුව ගැන ප‍්‍රසිද්ධියේ කරුණු පැහැදිලි කළාය. සංක‍්‍රමණිකයෙක් නිසා බොහෝ අයට අහිමි වෙන සිහින ගැන ඇය ප‍්‍රසිද්ධියේ විවේචනය කළාය. සංක‍්‍රමණිකයන් නිසා ඇමරිකාවේ විද්‍යාත්මක සහ ආර්ථික ප‍්‍රබෝධයක් ඇති වුණත් ඇතැම් අවස්ථාවලදී ඔවුන් මුහුණ දෙන අසාධාරණකම් ගැනත් ඇය කියා සිටියාය.

 පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකත්වයට..

 නමුත් ඇමරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ජෝ බයිඩන් අශානිට සුදුසු තැන ලබා දීමට කටයුතු කර අවසානය. අශානිගේ මෙම මෙහෙවර නිසාම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ‘‘ ජෝ බයිඩන් ’’විසින් පසුගිය සැප්ත්ම්බර් 15 වැනි දා පටන් ඇය ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පිළිකා උපදේශක මණ්ඩලයේ සාමාජිකාවක ලෙස පත් කර තිබේ. ඇමරිකාවේ ජාතික පිළිකා වැඩසටහනේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ වැඩසටහනේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳව එරට ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් සහ සහාය ලබා දීම මෙම ආයතනයේ කාර්යභාරයයි.

 *  පුන්‍යා චාන්දනි ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment